කොළඹ LNW:නොවැම්බර් මාසයේ 4, 6 සහ 7 යන තෙදින තුළ පාර්ලිමේන්තුවේ විශේෂ ආරක්ෂක පරීක්ෂාවකට ලක්කරන බව කථානායකවරයා අද (23) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
එහිදී මන්ත්‍රීවරුන්ගේ විවේක කාමර, ඇඳුම් අල්මාරි ද ඇතුළුව සමස්ත පාර්ලිමේන්තු ගොඩනැගිල්ලම ආරක්ෂක පරීක්ෂාවකට ලක් කරන අතර නොවැම්බර් 7 වන සිකුරාදා දිනයේ දී පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ අධි ආරක්ෂිත කලාප ද ආරක්ෂක පරීක්ෂාවට ලක් කිරීමට නියමිතයි.
එදිනට මහජන ගැලරිය ආරාධිතයින් සඳහා පමණක් සීමා කරන බවයි කථානායකවරයා පැවසුවේ.
අමුත්තන් සඳහා වන ආරාධනා පත්‍ර මුදල් අමාත්‍යාංශය වෙතින් නිකුත් කරනු ලබන අතර විශේෂ ආරක්ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මක සිකුරාදා දිනයේ දී පාර්ලිමේන්තු රථගාල වසා දැමෙන බැවින් මන්ත්‍රීවරුන් පැමිණෙන වාහන රථගාල් වෙත යොමුකරනු ලබන නිසා පාර්ලිමේන්තු පැමිණීමේ දී රියදුරෙකු සමග පැමිණෙන ලෙසද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනුම් දෙන ලදී.
එමෙන්ම එදිනට විශේෂ රථවාහන සැලැස්මක් ද ක්‍රියාත්මකයි.
ආශිකා බ්‍රාහ්මණ
