ඉතාලියේ පළමු කාන්තා අගමැතිනිය ලෙස ජෝර්ජියා මෙලෝනි දිවුරුම් දෙයි

Date:

අන්ත දක්ෂිණාංශික නායිකා ජෝර්ජියා මෙලෝනි ඉතාලියේ පළමු කාන්තා අගමැතිනිය ලෙස දිවුරුම්දී තිබේ.

පශ්චාත්-ෆැසිස්ට් පක්ෂයක අළු මත 2012 දී පිහිටුවන ඇගේ පක්ෂය වන බ්‍රදර්ස් ඔෆ් ඉතාලි සැප්තැම්බර් අග පැවති හදිසි මැතිවරණයෙන් සියයට 25 කට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීමෙන් පසුව සභාග හවුල්කාරීත්වයෙන් යුතු නව ආණ්ඩුවක් පිහිටුවීමට එකඟ විය. ඒ අනුව යමින් ඊයේ(22) දිනයේදී සිය ඇමතිවරුන් 24 සමඟ ඇය දිවුරුම් දෙනු ලැබූ අතර ඔවුන්ගෙන් හය දෙනෙක් කාන්තාවන් වන බව කියැවේ.

ඉතාලියේ පවතින තත්වය පිළිබඳව නිරීක්ෂකයන් දක්වා ඇත්තේ රට මේ වන විට උද්ධමනය හරහා ගමන් කරමින් තිබෙන අතර යුක්රේනයේ යුද්ධය විසින් උග්‍ර කරන ලද බලශක්ති අර්බුදයකින් නිර්මාණය කර ඇති බැවින් මෙලෝනිට රැඩිකල් වෙනසක් වෙනුවෙන් ඉතිරිව ඇත්තේ කුඩා ඉඩක් බවයි.

යුරෝපීය ප්‍රතිපත්ති මධ්‍යස්ථානයේ දේශපාලන විශ්ලේෂක ටොමසෝ ග්‍රෝසි පවසා තිබුණේ ඇගේ දේශපාලන ඉරණම ආර්ථිකය සමඟ බැඳී පවතිනු ඇති බවයි.

සශිකලා මධුෂාණී_OBT

සබැඳි පුවත්;

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනය දේශීය ජෙට්යානා ගුවන් සේවය පුළුල් කරමින් පළමු කාන්තා C919 කපිතාන්වරිය පත් කරයි!

සටහන – පුලී ජනවාරි 02, කොළඹ (LNW):  චීනයේ ගුවැන්ෂු සිවිල්...

වසර 66කට පසු වැසෙන iconic NASA research center ..

රෂිකා හෙන්නායක ජනවාරි 02 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඩොනල්ඩ් ට්‍රම්ප්...

CEB 11 % ඉක්මවූ ගාස්තු වැඩිකිරීමක් ඉල්ලයි!

කොළඹ LNW:ලංකා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමෙන් විදුලි...

බන්ධනාගාර මූලස්ථානයේ විශේෂ සාකච්ඡාවක්!

රෂිකා හෙන්නායක ජනවාරි 02, කොළඹ LNW : අද (02) දින...