පහරදීමෙන් කුසල් පන්දු යැවීමෙන් වනිඳු මුලට එයි

Date:

ශ්‍රී ලංකාව සුපිරි 12 වටයේ පළමු තරගය ජය ගත්තේ කඩුලු නවයකින්ය.ලකුණු 128 ක ඉලක්කය පසු කර ශ්‍රී ලංකා ලකුණු පූවරුව 133 දක්වා ගොස් නැවතුණේ පහළොස්වන පන්දු ඕවරයේ අවසාන පන්දුවේදීය.

සුපිරි 12 වටයට පිවිසීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම රැගෙන එමින් ලකුණු 79 ක් රැස් කරමින් තරගයේ වීරයා වූ කුසල් මෙණ්ඩිස් මේ තරගයේදී ද වීරයා විය.ඔහු පන්දු 43 ට මුහුණ දෙමින් නොදැවී ලකුණු 68 ක් ලබා ගැනීමට, හයේ පහර තුනක් සහ හතරේ පහර පහක් යොදාගෙන තිබිණි.කුසල් එම ලකුණු 68 ත් සමඟ තරගාවලියේ මේ දක්වා වැඩිම ලකුණු ප්‍රමාණය ලැබූ ක්‍රීඩකයා බවට පත් වෙයි.ඔහු මේ වන විට ලකුණු 171 ක් තරග හතරකදී ලබා ගෙන ඇත.

කුසල් සමඟ පළමු කඩුල්ලට ලකුණු 63 ක සබඳතාවයක් එකතු කළ ධනංජය ද සිල්වා පන්දු 25 ක් තුළ ලකුණු 31 රැස් කළේය.ඉනික්බිතිව කුසල් සමඟ එකතු වූ චරිත් හසලංක ද පන්දු 21 දී නොදැවී එකතු කළ ලකුණු ප්‍රමාණය ද 31 ක විය.සබඳතාවය ලකුණු 70 ක් වී නොබිදී තිබිණි.

අයර්ලන්ත ඉණිම ලකුණු 128 ට සීමා කරමින් පන්දු යැවීමේදී මහේෂ් තීක්ෂණ සහ වනිඳු හසරංග කඩුලු දෙක බැඟින් දවා ගැනීමට සමත් විය.ඒ සඳහා මහේෂ්ගෙන් ලකුණු 19 ක් ද,වනිඳුගෙන් ලකුණු 25 ක් ද නෙදර්ලන්තය විසින් උඳුරා ගත්තේය.වනිඳු එම කඩුලු දෙකත් සමඟ තරගාවලියේ වැඩිම කඩුලුලාභියා වෙමින් ලකුණු 88 ට කඩුලු 9 ක් දවා ලෙන ඇත.තීක්ෂණ කඩුලු හතක් දවාගෙන ඇත.

අයර්ලන්තය වෙනුවෙන් පෝල් ස්ට්‍රිලින්ග් ලකුණු 34 ක් ලබා ගත්තේය.හැරී ටෙක්ටර් එක් කළ ලකුණු ප්‍රමාණය ලකුණු 45 කි.තරගාවලියේ පෙරළිකාර කණ්ඩායමක් ලෙස කාගෙත් අවධානයට ලක් වූ අයර්ලන්තය ශ්‍රී ලංකාවට දැඩි තර්ජනයක් වනු ඇතැයි විශ්වාස කළේය. ශ්‍රී ලංකාව පිත්තෙන් ද,පන්දුවෙන් ද පහසුවෙන්ම අයර්ලන්තය අභිබවා සිටිටට සමත් විය.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නඩු කටයුතු අවසන් වූ මත්ද්‍රව්‍යවලට කළ දේ!

රෂිකා හෙන්නායක ජනවාරි 02, කොළඹ LNW: දළ බර කිලෝග්‍රෑම්...

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ පරිසර සභාව වසර දෙකකට පසු අද රැස්වෙයි!

කොළඹ LNW:පරිසර අමාත්‍යාංශයට අයත් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ පරිසර...

අසත්‍ය ප්‍රචාරයක් සිදුකළ Youtube ක්‍රියාකරුවකුට දවල් තරු පේන වැඩක්!

රෂිකා හෙන්නායක ජනවාරි 02, කොළඹ LNW : ඉකුත් දා...

වනජීවී නිළධාරීන්ගෙන් ඉල්ලීමක්!

රෂිකා හෙන්නායක ජනවාරි 02, කොළඹ LNW : යාල ජාතික...