ෂී ජින්පින් තෙවන වරටත් ජනාධිපතිවරයා ලෙස තේරී පත් වේ

Date:

චීන කොමියුනිස්ට් පක්ෂයේ (CCP) මධ්‍යම කාරක සභාව, රට තීරණාත්මක ලෙස ඒක පුද්ගල පාලනයක් වෙතට නැඹුරු කරමින්,වසර පහක ධුර කාලයක් සඳහා ෂී එහි ප්‍රධාන ලේකම් ලෙස තොරා පත්කර ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව 2023 වසරේ මාර්තු මාසයේදී පැවැත්වෙන රජයේ වාර්ෂික ව්‍යවස්ථාදායක සැසිවාරයේදී විධිමත් ලෙස චීනයේ ජනාධිපති ලෙස තුන්වන වරටත් ෂී ජින්පින් ප්‍රකාශයට පත් කරනු ඇත. මේ වන විට ඔහු මධ්‍යම හමුදා කොමිසමේ සභාපතිවරයා ලෙස ද ඉදිරියට යනු ඇති බව නිවේදනය කර ඇති අතර එයින් අදහස් වන්නේ ඔහු චීනයේ මහජන විමුක්ති හමුදාව භාර අණදෙන නිලධාරියා වනු ඇති බවයි.

මෙ වන විට 24 දෙනෙකුගෙන් යුත් කාරක සභාවක් පත් කර ඇති අතර ඒ සියලුම නිලධාරීන් ෂී ජින්පින්ට හිතෛශීන් ලෙස සඳහන් වේ. මෙහි කිසිදු කාන්තා නියෝජනයක් නොමැති අතර මෙමඟින් චීන කොමියුනිස්ට් පක්ෂයේ සහ චීන සමාජයේ දැඩි පීතෘමූලික ස්වභාවය වඩාත් පුළුල් ලෙස පිළිඹිබු කරයි.

වොෂින්ටනයේ ඇමරිකානු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය යැං ෂැංග් මේ සම්බන්ධයෙන් පවසා තිබුණේ මෙය ඉතා කණගාටුදායක සහ කම්පන සහගත වැඩපිළිවෙළක් බවයි.

සශිකලා මධුෂාණී_OBT

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිනිටත් බාස්කට් බෝලයක් බස්සල ද?

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: ඕනෑම ක්‍රීඩාවක පාසල් මට්ටම...

ගාසාවේ තාවකාලික කූඩාරම් ගංවතුරෙන් යටවෙයි: දහස් ගණන් පීඩාවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ වෙරළබඩ...

HIV ගැන නවතම හෙලිදරව්ව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස්...

වන්දනාකරුවන් රැගත් බස් රථයක් සහ තෙල් බවුසරයක් ගැටෙයි – 42ක් ජීවිතක්ෂයට!

කොළඹ LNW:සෞදි අරාබියේ මදීනා නගරයට ආසන්නයේදි උම්රා වන්දනාකරුවන් රැගත්...