හොර රහසේ විදුලි වාහන 119ක් ගෙන්වීම ගැන අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක්!

Date:

කොළඹ LNW:විදේශගත ශ්‍රමිකයන්ට ලබාදුන් සහනයක් උපයෝගී කරගනිමින් විදුලි වාහන 119ක් හොර රහසේ ගෙන්නවා තිබීමේ සිදුවීමක් පසුගියදා පාර්ලිමේන්තු ක්‍රම සහ විධි කාරක සභාව විසින් හෙළි කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳව නිසි විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා ආර්ථික යුක්තිය උදෙසා වූ ජනතා සාමූහිකය විසින් අද (22) දින අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

මේ සඳහා ආර්ථික යුක්තිය උදෙසා ජනතා සාමූහිකයේ කැඳවුම්කරු නදීෂ ද සිල්වා ඇතුළු සාමාජිකයන් කිහිප දෙනෙකු සම්බන්ධ විය.

එහිදී ආර්ථික යුක්තිය උදෙසා ජනතා සාමූහිකයේ කැඳවුම්කරු නදීෂ ද සිල්වා දැක්වූ අදහස්..

“අපි අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවට ආවා පැමිණිල්ලක් දාන්න පහුගිය දවසක ක්‍රම සහ විධි කාරක සභාවේ මතුවෙච්ච කාරණාවක් සම්බන්ධයෙන්. ගිය අවුරුද්දේ, ලංකාවේ විදේශ විනිමය බොහොම අඩුවෙලා තිබ්බ මොහොතක, රජයෙන් යෝජනාවක් ගෙනාවා විදේශ ගත ශ්‍රමිකයන්ට තමන් ලංකාවට එවන ඩොලර් වල ප්‍රමාණය අනුව තීරු බදු සහන යටතේ විදුලි වාහන මිලදී ගැනීමට අවශ්‍ය බලපත්‍ර නිකුත් කරන්න. මේක ක්‍රියාත්මක වුණේ කම්කරු අමාත්‍යංශයේ විදේශ රැකියා අංශය යටතේ. නමුත් මෙතනදි එළියට ඇවිත් තියෙනවා කාරණාවක් මේ වෙනකොට බිලියන 1.2 වගේ වටිනාකමකින් යුත් අති සුඛෝපභෝගී විදුලි වාහන 119 ක් මිලදී අරගෙන තියෙනවා. මේ වාහන 119 න් 75 ගෙනත් තියෙන්නේ එකම ආයතනයක් විසින්. මෙතනදි මොකක් හෝ අයථා ගනුදෙනුවක් සිද්ධ වුණාද? මේ සම්බන්ධයෙන් තමයි අපි අද පැමිණිල්ල කළේ.”

මෙහිදී විදේශගත ශ්‍රමිකයින්ට අසාධාරණයක් සිදුව ඇත්ද යන්න මාධ්‍යවේදීන් කළ විමසුමට පිළිතුරු දෙමින් නදිෂද සිල්වා මහතා පැවසුවේ ”විදේශ ශ්‍රමිකයන්ට උරුම දේ ලබාගන්න හැකියාවක් තියෙන්න අවශ්‍යයි. ඒ වගේම රජයට අලාභයක් සිද්ධ වෙලා තියෙනවා නම් ඒක අය කරගන්න අවශ්‍යයි. සුදු කරපටි මංකොල්ලකාරයෝ, දේශපාලඥයෝ සහ රාජ්‍ය සේවයේ ඇතැම් නිලධාරීන් මේකට සම්බන්ධ වුණා නම් අපි හැමදාමත් කියනවා වගේ ලංකාවේ අක්‍රමිකතාවය, නාස්තිය, අකාර්යක්ෂමතාවය, ක්‍රියාත්මක වෙනවා. එතකොට මේකට සම්බන්ධ වෙච්ච යම්කිසි පුද්ගලයින් සිටිනවා නම් ඒගොල්ලන්ට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න විදිහටත්, අදාළ පරීක්ෂණ ක්‍රියාත්මක කරන්න කියලත් අපි ඉල්ලා තියෙනවා.” යනුවෙනි.

අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවට මෙම වංචාවේ ප්‍රමාණය සම්බන්ධව හඳුනාගැනීම සිදුකළ හැකි බවයි ඔහු අවධාරණය කළේ.

උක්ත වංචාව සිදුව ඇත්තේ කම්කරු අමාත්‍යාංශය යටතේ බවද ඔහු ප්‍රකාශ කළේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉටුනොවූ යුක්තියේ පසුවිපරම – නිමලරාජන් ඝාතනයේ නඩු වාර්තාව එළිදක්වයි! (PHOTOS)

කොළඹ LNW: ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී නිමලරාජන් මෛල්වාගනම්ගේ නඩු විභාගයේ...

Celebrity Buzz: තරු පිරුණු රැයක උන්මාදය සමඟින් MTV VMA!

සටහන – පුලී සැප්තැම්බර් 08, කොළඹ (LNW): මෙම වසරේ පැවැති විශාලතම...

ආන්දෝලනාත්මක මිද්දෙණිය ඉඩමෙන් අදත් මතු වූ පොලිස් උපකරණ!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 08 ,කොළඹ LNW : මිද්දෙණිය පොලිස් ස්ථානයේ...

අගවිනිසුරුවරයා ගමන් ගත් රථ වාහන පෙළ වීඩියෝ කරලා: සැකකරු ලබන 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 08 ,කොළඹ LNW : අගවිනිසුරුවරයා ගමන් ගත්...