වෙළඳ සැල් පවරාදීමේදී එක්කෝටි තිස්පන්ලක්ෂයක මූල්‍ය වංචාවක්

Date:

සටහන – නදීක දයා බණ්ඩාර

මහනුවර(LNW):
මහනුවර මහ නගර සභාවේ ආදායම් අංශයේ සේවය කළ කළමනාකරණ සහකාරවරියක නගර සභාව සතු කඩ කාමර තවත් අයෙකුට පවරා දීමේ දී අය කරන ගාස්තු වලින් රුපියල් එක්කෝටි තිස්පන්ලක්ෂ අනූතුන්දහස් හත්සිය අනූවක (135 93790) මුදලක් වංචාකර තිබෙන බව විගණනයේ දී අනාවරණය වී ඇත.

නගර සභාව සතු වෙළෙඳ සංකීර්ණ 04 ක කඩ කාමර 18 ක බදු අයිතිය එක් බදු කරුවෙකු ගෙන තවත් අයෙකුට පැවරීමේ දී ගාස්තු වශයෙන් අය කළ මුදල් මෙලෙස වංචා කළ බව විගණනයට නිරීක්ෂණය වී තිබේ.

විගණන නිලධාරීන් විසින් අදාළ වංචා සම්බන්ධව අනාවරණය කර ගන්නා අවස්ථාව වනවිට මෙම සේවිකාව ස්ථාන මාරුවීමක් ලැබ පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ සේවයට ගොස් සිට ඇත.

නගර සභාව සතු කඩ කාමර 31 කින් කඩ කුලී අය කළ බවට ව්‍යාජ රිසිට් පත් සකස් කර රුපියල් අසූ දෙලක්ෂ හැත්තෑ හත්දහස් අටසීයක (8277800) මුදලක් වංචා කළ බවට ද මෙම සේවිකාවට චෝදනා එල්ල වී තිබෙන අතර ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර මේ වනවිට ඇගේ සේවය අත්හිටුවා තිබේ.

දැනට අනාවරණය කරගෙන තිබෙන තොරතුරු වලට අනුව මෙම සේවිකාව පසුගිය වසර හතරක කාලයේ දී වංචා කර තිබෙන මුළු මුදල රුපියල් දෙකෝටි දහඅට ලක්ෂ හැත්තෑ එක්දහස් පන්සිය අනූවකි.

නගර සභාව සතු මැණික්කුඹුර, කැප්පෙටිපොල,බෝගම්බර සහ ජොර්ජ් ඊ ද සිල්වා යන වෙළෙඳ සංකීර්ණ 04 ක කඩ කාමර 18 ක බදු අයිතිය එක් බදු කරුවෙකු ගෙන් තවත් බදු කරුවෙකුට පැවරීමේ දී නීතී රීති චක්‍රලේඛ ප්‍රකාරව තීරණය කළ ගාස්තු නගර සභා අරමුදලට බැර නොකර 135 93790 ක මුදල වංචා කර තිබෙන බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කළ විගණන විමසුමේ දක්වා තිබේ.

විගණන විමසුමේ පිටපත් මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම්, ආණ්ඩුකාර ලේකම්, පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්, පළාත් පාලන කොමසාරිස් හා පළාත් පාලන සහකාර කොමසාරිස් (මහනුවර) වෙත යොමුකර ඇත. මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී මහනුවර නාගරික කොමසාරිස් ඉෂාන් විජේතිලික මහතා පැවසුවේ විගණන විමසුම පදනම් කර ගනිමින් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බවයි.



Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ ලිපියට ක්‍රීඩා ඇමති දැක් වූ ප්‍රතිචාරය ගැන

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: අප විසින් ලියන්නට යෙදුණ ‘මලල...

උතුරේ සහ නැගෙනහිර ඇතැම් දේශපාලන පක්ෂ කිහිපයක් ජනතාව නොමග යවමින් සිටිනවා – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: අද(17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ...

තමා ජනාධිපති ධුරය දරනතාක්කල් ෂිජින් පින් තායිවානය ආක්‍රමණය නොකරන බවට තමන්ට පැවසූ බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ට්‍රම්ප් බලයේ සිටින...

පිත්තෙන් මිනෙත් පන්දුවෙන් රයන් පෙරමුණට

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන...