ගල්ස් කැටලිනා ගෝල්ෆ් තරගාවලියේ Net, Gross සූරතා දෙකම පිරිමි අංශයේදී ලක්මාල්ට සහ කාන්තා අංශයේදී දිලිනිට

Date:

සටහන – නිශ්මං රණසිංහ

ඔක්තෝබර් 24, (LNW) කොළඹ: ශ්‍රී ලංකා ගුවන් හමුදා ඊගල්ස් ගෝල්ෆ් ලින්ක් විසින් සංවිධාන කරනු ලැබූ ඊගල්ස් කැටලිනා කුසලාන ගෝල්ෆ් තරඟාවලියේ දෙවන අදියරේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සඳහා කුසලාන ප්‍රධානෝත්සවය හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් කපිල ජයම්පතිගේ ප්‍රධානත්වයෙන් කොග්ගල ඊගල්ස් කැටලිනා ගොල්ෆ් පිටියේදී සිදුකරන ලදී.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ විසින් දෙන ලද උපදෙස් මත සංවිධානය කරනු ලැබු මෙම ගොල්ෆ් තරගාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 40 දෙනෙකු පමණ සහභාගී වු අතර ඔක්තෝම්බර් මස ඊගල්ස් කැටලිනා මාසික පදක්කම් ගෝල්ෆ් තරඟාවලියේ පිරිමි Net Score අංශයේ ජය (විශ්‍රාමික) විංග් කමාන්ඩර් ලක්මාල් ගුණවර්ධන සහ කාන්තා අංශයේ ජය දිලිනි හෙන්නායක විසින් හිමිකරගත් අතර පිරිමි Net Score අංශයේ අනුශූරතාවය ෂර්ලි කොරයා විසින්ද කාන්තා අංශයේ අනුශූරතාවය ෆ්‍රෑන්ක් ද මෙල් විසින් ද දිනා ගන්නා ලදි.

ඊගල්ස් කැටලිනා මාසික පදක්කම් ගෝල්ෆ් තරඟාවලියේ Longest Drive පිරිමි අංශයේ ජය විංග් කමාන්ඩර් කුමාර ගුරුගේ සහ කාන්තා අංශයේ ජය රොෂාන් ශ්‍රියන්ති පීරිස් විසින් හිමිකර ගත් අතර මෙම තරඟාවලියේ Gross Score පිරිමි සහ කාන්තා අංශයේ ශුරතාවය (විශ්‍රාමික) විංග් කමාන්ඩර් ලක්මාල් ගුණවර්ධන සහ දිලිනි හෙන්නායක දිනා ගත් අතර Gross Score පිරිමි අංශයේ අනුශූරතාව ගයාෂාන් විජේසිංහ විසින්ද කාන්තා අංශයේ අනුශූරතාව ෆ්‍රෑන්ක් ද මෙල් විසින් දිනා ගත් අතර nearest to the pin පිරිමි අංශයේ ජය මර්වින් ප්‍රීනා මහතා විසින් දිනා ගන්නා ලදි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...