තමන් කිසිදා ඇමරිකාවට හිස නොනමන බව පුටින් කියයි

Date:

සටහන: සශිකලා මධුෂාණි

ඔක්තෝබර් 24: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : රුසියාව කිසි විටෙක ඇමරිකාවට හිස නොනමන බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ප්‍රකාශ කර තිබේ.

යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට එක්සත් ජනපද ජනාධිපතිවරයා හා රුසියානු ජනාධිපතිවරයා අතර සාකච්ජා අත්හිටුවීමත් සමඟ ජනාධිපති ට්‍රම්ප් ඊයේ(23)දිනයේදී රුසියාවේ රොස්නෙෆ්ට් සහ ලුකොයිල් මෙන්ම ඔවුන්ගේ අනුබද්ධ සමාගම් විශාල ප්‍රමාණයක් වෙනුවෙන් සම්බාධක පනවන ලදී.

වොෂින්ටනය මොස්කව්හි විශාලතම නිෂ්පාදකයින් දෙදෙනා ඉලක්ක කර ගැනීමෙන් පසු චීනය සහ ඉන්දියාව රුසියානු තෙල් ආනයනය අඩු කරන බවට වාර්තා වීම මොස්කව් වෙත යම් ආර්ථික වේදනාවක් ඇතිකරන මුත්, රුසියාව කිසි විටෙක් ඇමරිකාවේ රූකඩයක් නොවන බව ජනාධිපති පුටින් ඊයේ(23)දිනයේදී මාධ්‍ය වෙත සඳහන් කර තිබු අතර ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබුණේ, කිසිම ආත්ම ගරුත්වයක් ඇති රටක් කිසි විටෙකත් පීඩනය යටතේ කිසිවක් නොකරන බවත්, නව සම්බාධක රුසියාවට සැලකිය යුතු බලපෑමක් ඇති කළ හැකි බවත්, සමහර පාඩු අපේක්ෂා කරන බවත්, යුක්රේනය වොෂින්ටනයේ ටොමාහෝක් කෲස් මිසයිල මගින් රුසියාවට පහර දුන්නොත් ප්‍රතිඵල දරුණු විය හැකි බවත්ය.

එක්සත් ජනපදය විසින් පනවන ලද මෙම සම්බාධක හරහා වොෂින්ටනය ක්‍රෙම්ලිනයේ යුද යන්ත්‍රයට අරමුදල් සපයන අත්‍යවශ්‍ය තෙල් ආදායම යටපත් කිරීම අරමුණු කර ගෙන ඇති අතර ගෝලීය තෙල් මිල 5% කින් ඉහළ යාම සමඟ රුසියාවේ ආර්ථික ජීවන මාර්ගයන්ට පහර දෙමින් පුටින්ට නැවත සාකච්ඡා මේසයට පැමිණීමට බලපෑම් කරනු ඇතැයි වොෂින්ටනය බලාපොරොත්තු වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දවසේ උපුටා දැක්වීම: Google හි CEO සුන්දර් පිචායි ගෙන් ජීවිතයට ඔවදනක්! 

සටහන – පුලී ජනවාරි 23, කොළඹ (LNW): තාක්ෂණය ගොඩනඟන විට...

වජිරාගේ සහ දමයන්තිගේ ජයග්‍රහණය

නිශ්මං රණසිංහ ජනවාරි 23, කොළඹ LNW: වජිරා නෙත්තිකුමාර සහ දමයන්ති...

ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් නියෝජිතයින් පත් කෙරේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් සමාජ නියෝජිතයන් තිදෙනා පත්...

වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 14 වන ජාතික සම්මේලනය හැනෝයිහි ජාතික සම්මේලන මධ්‍යස්ථානයේදී..

රෂිකා හෙන්නායක ජනවාරි 23, කොළඹ LNW: වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 14...