කොළඹ වරාය ආසන්නයේ නාඳුනන මළ සිරුරක්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

කොළඹ වරායේ බටහිර ජැටිය ආසන්න මුහුදේ තිබී පුද්ගල මළසිරුරක් හමුවී ඇති බව කොළඹ වරාය පොලීසිය පවසයි.

මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරුවී නොමැති බවයි පොලීසිය සඳහන් කරන්නේ.

මරණකරු උස අඩි 05ක් පමණ වන පුද්ගලයෙකු බවත් කොණ්ඩය මදක් වැවී ඇති බවත් මෘතශරීරය නරක්වී හඳුනාගත නොහැකි තත්ත්වයේ පවතින අතර නිල් පැහැති ඩෙනිම් කලිසමක් හැඳ සිටි බවත් පොලීසිය වැඩිදුරටත් පවසයි.

මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු මෘතශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර කොළඹ වරාය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වජිරාගේ සහ දමයන්තිගේ ජයග්‍රහණය

නිශ්මං රණසිංහ ජනවාරි 23, කොළඹ LNW: වජිරා නෙත්තිකුමාර සහ දමයන්ති...

ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් නියෝජිතයින් පත් කෙරේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් සමාජ නියෝජිතයන් තිදෙනා පත්...

වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 14 වන ජාතික සම්මේලනය හැනෝයිහි ජාතික සම්මේලන මධ්‍යස්ථානයේදී..

රෂිකා හෙන්නායක ජනවාරි 23, කොළඹ LNW: වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 14...

පනස් වසරකට ආසන්න වුවත් තවමත් අමතක නොවන එයාර් නිව්සීලන්ඩ් TE901 ගුවන් යානා අනතුර!

රෂිකා හෙන්නායක ජනවාරි 23 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 1979 වසරේ...