හඳගම නම් නොඅවසන් ෆැන්ටසිය ….

Date:

22 වැනි සංශෝදනයට චන්ද ටිකක් ලැබුණ හින්ද දැන් හැමෝම කියන්න අරගෙන ඔන්න පොහොට්ටුව ඉවරයි කියල. ගෝල්ෆේස් ඉවර නිසා ඔක්කොම කියන්න ගත්ත ඔන්න අරගලය ඉවරයි කියල. මයිනෙක් මැරුණම කියනවා ඔන්න මයින්නු ඉවරයි කියල. මැච් එකක් පැරදුණාම කියනවා ඔන්න ලංකාවේ ක්‍රිකට් ඉවරයි කියල.

විද්‍යාව ආවම කිව්වා දෙවියන් ඉවරයි කියල.

පසුගිය මැතිවරණෙන් එක්සත් ජාතික පක්ෂය එක ආසනේට පැරදුණාම කිව්වා රනිල් ඉවරයි කියල. අද රනිල් ලංකාවේ ජනාධිපති.

බර්ලින් තාප්පේ බිඳ වැටුණාම අපි කිව්වා ඔන්න මාක්ස්වාදය ඉවරයි කියල. මුල්‍ය අර්බුදයක් ආවම කියනවා ඔන්න ධනවාදය ඉවරයි කියල. සුද්දා ආවම හැමෝම කිව්වා ඔන්න වැඩවසම් ක්‍රමය ඉවරයි කියල.

ඒ උනාට මුල් ඇඳුම් ඇඳලා අපූරුවට තාමත් මඟුල් ගෙවල් ගන්නවා. ටයි කෝට් වලට වඩා මුල්ඇඳුමට වියදම් කරනවා. ඉවරයි කිව්වට කිසිවක් ඉවර වෙලා නැහැ. අවතාර හැටියට හරි ඒවා පවතිනවා.

ටික කාලෙකට කලින් කිව්වා ඔන්න හඳගම ඉවරයි කියල. ඒ වගේ අපි හැමෝම ආසයි දේවල් අවසන් වෙනවා දකින්න පුළුවන් ”ස්මාප්ති ෆැන්ටසි” එකකට.

ධනවාදය අවසන් කියන ෆැන්ටසි එක තියෙන්නේ ධනවාදය ඇතුලේ නෙවෙයි. ඉන් පිටත. හඳගම අවසන් කියල කියන්නෙත් වටේ ඉන්න සෙට් එක. ධනවාදය ඒක ඇතුලේ තියන මොකක්දෝ ගුප්ත බලයකින් පවතිනවා වගේම හඳගමත් මොකක්දෝ ක්‍රමයකට පවතිනවා.

ඉතිං සමාප්ති ෆැන්ටසි එකක තියන අවුල තමයි අපේ සිතීම අර ෆැන්ටසි එකේ කොන්දේසි වලින් සිමා කරනු ලැබීම. අපි ආතල් එකක ඉන්නවා ධනවාදය දැන් ඉවර වෙන්න තමයි යන්නේ…දැන් එන්නේ අපේ කාලේ කියල. පොහොට්ටුව ඉවරයි, රනිල් ඉවරයි, ධනවාදය ඉවරයි කියල ෆැන්ටසි එකක ඉඳීමත් එහෙම එකක් තමයි.

වැඩේ තියෙන්නේ එයාලගේ කාළේ ඉවරයි කියල හිතන අපේ කාළේ කවදාවත් එන්නේ නැති කම. අපි හැර අනික් හැම එකක්ම පවතිනවා. අපේ කාලය ඝනීභවනය වෙලා.

දේවල් එහෙම අපිට ඕනි හැටියට ඉවර වෙන්නේ නැහැ, දේවල් අවසන් කරන්න නම් ඒකට විධිමත් සංවිධිත මැදිහත් වීමක් ඕනි කරනවා සහ සූදානම් ශරීරයක් අවශ්‍යයි. ඕනෑම දෙයක් ඕනෑම මොහොතක වෙන්න පුළුවන් කියල සුදානම් ශරිරෙකින් හිටියනම් ”අරගලයේ මොහොත” අපිට කරකවා ගන්නත් තිබ්බා.

දේවල් ඇත්තටම පවතිනවා කියල හිතට එකඟව පිලිගම්මු. ඊට පස්සේ බලමු ඒවා එක්ක හැප්පෙන්න….

ඒ නිසා ඉගෙන ගන්න වෙන්නේ ටොම් ඇන්ඩ් ජෙරී කාටුන් වලින්.

මේ ගැන පොඩ්ඩක් කතා කරමු …. 25 කැළණියට එන්න….

~ මහේෂ් හපුගොඩ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මනුස්සයෙකුට හොඳ ප්‍රමිතියෙන් යුතුව බත් ටිකක් කන්න ලැබිය යුතුයි කියන එක මූලික මිනිස් අයිතිවාසිකමක් – ඩඩ්ලි සිරිසේන

ඕනෑම පුද්ගලයකුට තමන් ගන්නා ආහාරය ඉහළ ප්‍රමිතියකින් යුතුව ලබාගැනීමට...

අවසානය වැස්සෙන් සේදුණු විස්සයි විස්සේ දස්කම්

නිශ්මං රණසිංහ අගෝස්තු 15, කොළඹ LNW: ග්‍රීන්,බ්ලූ සහ ග්‍රේ ලෙස කණ්ඩායම්...

පාස්කු ප්‍රහාරය : විමල් වීරවංශ CIDයට කැඳවයි !

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාව අද (15) පෙරවරුවේ අපරාධ...