කැසිනෝ සඳහා බදු විශාල වශයෙන් වැඩි කෙරේ …

කැසිනෝ මධ්‍යස්ථාන සඳහා වන වාර්ෂික බද්ද රුපියල් කෝටි 20 සිට රුපියල් කෝටි 50 දක්වා වැඩිකර තිබේ.

ඒ අනුව පසුගිය අගෝස්තු 01 වනදා සිට මෙම බදු වැඩිකිරීම ක්‍රියාත්මක බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසන්නේ.

මීට අමතරව පහත සඳහන් බදු ඉහළ නැංවෙන පරිද්දෙන් ඔට්ටු සහ සූදු පනත සංශෝධනය කර ඇත.

  1. කැසිනෝ සඳහා මෙතෙක් නොතිබූ ඉහළ ලියාපදිංචි ගාස්තුවක් අයකිරීම සහ ශ්‍රී ලාංකිකයකු කැසිනෝ ශාලාවකට ඇතුළු වීමේදී ඇමරිකානු ඩොලර් 20ක ගාස්තුවක් අයකිරීම
  2. වෙනත් සූදු සහ ඔට්ටු සඳහා අවම වශයෙන් පහත පරිදි බදු වැඩි කර තිබේ.
  • සජීවී ඔට්ටු මධ්‍යස්ථාන සඳහා

රුපියල් ලක්ෂ 6ක් වූ වාර්ෂික බද්ද අවම වශයෙන් රුපියල් ලක්ෂ 10 දක්වා වැඩිකිරීම
පිරිවැටුම මත අයකෙරෙන 10% බද්ද අවම වශයෙන් 15% දක්වා වැඩිකිරීම

  • ඔට්ටු උප නියෝජිතයින් සඳහා වූ වාර්ෂික බද්ද රුපියල් මිලියන 4 සිට අවම වශයෙන් රුපියල් මිලියන 5 දක්වා වැඩිකිරීම
  • සජීවී නොවන ඔට්ටු පොළවල් සඳහා වාර්ෂික බද්ද රුපියල් 50,000 සිට රුපියල් 75,000 දක්වා වැඩිකිරීම

මේ සියල්ලටම පසු එම ව්‍යාපාරවල ආදායමෙන් නැතහොත් ලාභයෙන් 40% ක ආදායම් බද්දක් අයකෙරේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

IMF හත්වෙනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ...

එක්සත් රාජධානියේ RAF Fairford කඳවුරෙන් ඇමරිකානු බෝම්බ ප්‍රහාරක යානා සියල්ල ඉවත් කර නැවත ඇමරිකාවට යවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 05: ලන්ඩනයට කිලෝමීටර්...

ආණ්ඩුව ඩබල් කැබ් 1000ක් මිලදී ගැනීමට ටෙන්ඩර් කැඳවයි !

නවීන මාදිලියේ ඩීසල් ඩබල් කැබ් රථ 1,000ක් මිලදී ගැනීමට...