වංචනික ක්‍රියා නිසා වාහන ලියාපදිංචියෙන් කෝටි ගාණක පාඩු – විශේෂ විගණන වාර්තාවකින් හෙළිවෙයි

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): වංචනික ලෙස නීතිවිරෝධී අයුරින්, ආනයනය කරන ලද හෝ එකලස් කරන ලද වාහනවල චැසි අංක හා එංජින් අංක මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දත්ත පද්ධතියට වංචනිකව ඇතුළත් කර මෝටර් රථ ලියාපදිංචි කිරීමේ ව්‍යාජ සහතික නිකුත් කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු නිලධාරීන්ට එරෙහිව නඩු පැවරිය යුතු බව ජාතික විගණන කාර්යාලය නිර්දේශ කර ඇති අතර , මෝටර් රථ ලියාපදිංචි කිරීමේ ව්‍යාජ සහතික නිකුත් කිරීම පිළිබඳ සිදුකරන ලද විශේෂ විගණන වාර්තාව මඟින් එම නිර්දේශ සිදුකර ඇති බව සඳහන් වේ.

2022 වසරේ සිදුකරන ලද මෙම විගණනයට අනුව නීත්‍යානුකූලව ලියාපදිංචි මෝටර් රථයක හෝ යතුරුපැදියක ලියාපදිංචි අංකයක් සඳහා අනීතිකව ආනයනය කරන ලද වාහනයක එංජින් අංකය හා චැසි අංකය ඇතුළත් කර නීත්‍යානුකූල ලියාපදිංචි සහතික නිකුත් කිරීම හේතුවෙන් රජයට ආසන්න වශයෙන් රුපියල් 76,683,475ක් අහිමි වී ඇති බව අනාවරණය වී ඇති බවද සඳහන් වේ.

විගණන කාර්යාලය පෙන්වා දෙන්නේ, මෙහිදී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මොටර් වාහන පනතේ විධිවිධානවලට අනුකූල නොවන සේ මෝටර් රථ හා යතුරුපැදි ලියාපදිංචියට අදාළ කරුණු වෙනස් කර ඇති බව තහවුරු වූ බවයි.

විගණන කාර්යාලය තවදුරටත් පෙන්වා දෙන්නේ, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් භාවිතයට නොගත් හිස් අංක, අක්‍රීය කරන ලද අංක භාවිතා කරමින් අනීතිකව ආනයනය කරන ලද වාහනවල එංජින් අංක හා චැසි අංක ඇතුළත් කර වංචනික ආදායම් බලපත්‍ර නිකුත් කර ඇති බවත්, මෙවැනි නීතීවිරෝධී කටයුතු පාලනය කිරීම සඳහා මෝටර් වාහනයක ලියාපදිංචියට අදාළව සිදුකරනු ලබන සියලු වෙනස් කිරීම්වලට දායක වූ පරිශීලකයින් සම්බන්ධ විස්තර ස්වයක්‍රීයව පද්ධතිය තුළට ගබඩා වන පරිදි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතිය සංවර්ධනය කළ යුතු බවයි.

ජාතික විගණන කාර්යාලය නිර්දේශ මඟින් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ, මෝටර් රථ දෙපාර්තමේන්තුව විසින් භාවිතයට නොගත් හිස් අංක, අක්‍රීය කරන ලද අංක සහ ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කම් හතර 13න් අවසන් වන හා එම අංක හතරෙහි එකතුව 13 වන අංක ඇතුළුව මෙතෙක් භාවිතයට නොගත් හා අනාගතයේ දී භාවිතයට නොගන්නා අංක සඳහා මෝටර් රථයක් ලියාපදිංචි වීම වැළැක්වීම සඳහා අනිවාර්‍ය පියවර ගතයුතු බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පරිනාමවාදයේ පියාගෙ නමට නම් කළ ඩාර්වින් වෙත යන ශ්‍රී ලංකා ඒ කණ්ඩායම

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: පරිනාමවාදය පිළිබඳව ලොවට ඉදිරිපත්...

බස් ගාස්තු ගැන තීරණයක්?

රෂිකා හෙන්නායක ජූලි 01, කොළඹ LNW : මේ වන විට...

එළඹ ඇත්තේ හොඳම කාලයයි – මැතිවරණ කොමසාරිස්

රෂිකා හෙන්නායක ජූලි 01, කොළඹ LNW : ප්‍රධාන මැතිවරණ තුනකට...