NPP සුවිශේෂීතම කණ්ඩායම විශ්‍රාමික හමුදා නිලධාරීන්. අපේ ප්‍රධානතම වැඩකොටස විශ්‍රාමික හමුදා සාමුහිකය හැදීමයි – අනුර

Date:

මීළඟ ආණ්ඩු බලය ලබාගැනීම වෙනුවෙන් මහජන බලයක් ගොඩනැගීම සඳහා ජාතික ජන බලවේගය විශාල වැඩකොටසක් කරමින් සිටින අතර එහි ප්‍රධානතම වැඩකොටස වන්නේ විශ්‍රාමික හමුදා සාමුහිකය ගොඩනැංවීම බව එම පක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

“ඒගොල්ලන්ට මුදල් තියෙනවා, මාධ්‍ය තියෙනවා, රාජ්‍ය බලය තියෙනවා. අපට දිනන්න තියෙන එකම සාධකය ඒගොල්ලන්ට වඩා උඩින් මහජන බලයෙන්. ඒ සඳහා අපි විශාල වැඩකොටසක් කරමින් තිබෙනවා. මා හිතනවා ඒකෙන් ප්‍රධානතම වැඩකොටස තමයි ත්‍රිවිධ හමුදා විශ්‍රාමික සාමූහිකය ගොඩනැගීම. සමාජ ගරුත්වයක් තිබෙනවා, සමාජ පිළිගැනීමක් තිබෙනවා, යම් වෘත්තියක නියැළිලා තිබෙනවා, ඒ පිළිබඳ සමාජ වගකීමක් තිබෙනවා. මා හිතනවා අපි ගොඩනගන බලවේගයන් අතර සුවිශේෂීතම කණ්ඩායම තමයි විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකය”

අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ පසුගියදා පැවති ජාතික ජන බලවේගයේ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ රැස්වීමක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව පොලිස්පති ලෙස ප්‍රියන්ත වීරසූරිය පත් කරයි!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව පොලිස්පතිවරයා...

බන්ධනාගාර රෝහලේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂක අල්ලස් චෝදනා මත අත්අඩංගුවට!

කොළඹ LNW:බන්ධනාගාර සෞඛ්‍ය සේවා හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත...

‘පස් දිලීප’ ඉලක්ක කර වෙඩිල්ලක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 13, කොළඹ LNW : අද (13)...

බලය බබලවන ඔස්ට්‍රේලියානු ආග්‍රාණ්ඩුකාරවරිය

නිශ්මං රණසිංහ අගෝස්තු 13, කොළඹ LNW: අපට නුහුරු බලය ඉදිරියේ සරල...