පොදු වැසිකිළියෙනුත් හොරා කාලා

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පොදු වැසිකිළියත් බිස්නස් එකක් කර ගත් තොරතුරක් විගණනයේදි හෙලි වී ඇත.

මාතලේ මහ නගර සභාවට අයත් පොදු වැසිකිළි තුනක් බදු දීමේ දී ගැනුම්කාර පාර්ශවයේ ඇපකරුවන් ලෙස නගර සභාවේම සුළු සේවකයින් දෙදෙනෙකු බදුකරු වෙනුවෙන් අත්සන් තැබීමේ සිදුවීමක් විගණනයේ දී අනාවරණය වී ඇත. නගර සභා පනතට අනුව නිලධාරීන්ට හා සේවකයින්ට සභාවේ ගිවිසුම්වලට සම්බන්ධ වීමේ හැකියාවක් නොමති බවද සඳහන් වේ.

ඒ අනුව විගණනයේ දී අනාවරණය වී ඇත්තේ, අදාළ ගැනුම්කරුගෙන් 2022 ජනවාරි සිට පසුගිය ජූනි මස දක්වා වැසිකිළි තුනෙන් රුපියල් දහතුන් ලක්ෂ 98,316ක මුදලක් නගර සභාවට අයවිය යුතු බවයි.

පසුගිය කාලය තුළ මාතලේ මහ නගර සභාවට අයත් ආදාහනාගාරය වෙන් කිරීමේ දී, ආදාහනාගාරයට ගෑස් මිල දී ගැනීමේ දී මෙන්ම ගලි සේවා ලබා දීමේ දී සිදුව ඇතැයි කියන මූල්‍ය වංචා සම්බන්ධව මාධ්‍ය මගින් හෙළි කිරීමත් සමග මෙම කරුණු ද අනාවරණය වී ඇත.

මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක් ද මේ වනවිට පත්කර ඇති අතර එම කමිටු සාමාජිකයින්, මාතලේ නගර සභාවේ නිලධාරීන් හා සේවකයින් පිරිසකගෙන් ප්‍රකාශ ලබා ගැනීමට ද පියවර ගෙන අති බව වාර්තා වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

BLUE පෙරමුණට

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා විස්සයි...

වත්මන් රජය පිළිබදව ජාත්‍යන්තරයෙන් දැඩි විශ්වාසයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : ජනතාව රජයට ගෙවන...

පිලිපීනයේ කුණු කන්දක් කඩා වැටීමෙන් එක් අයෙකු මියගොස් 38 දෙනකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පිලිපීනයේ සෙබු නගරයේ...

ආපදා කළමනාකරණ සැලසුමකට සජිත්ගෙන් නව යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රැකියා විරහිත උපාධිධාරීන් ද උපයෝගි කර ගෙන...