*
Friday, October 25, 2024
spot_img

Latest Posts

වතුකරයේ ජනයාගේ සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කිරීමට ඇමති විජිතගෙන් උපදෙස්!

කොළඹ LNW:ජාතික ආර්ථිකයට ප්‍රමුඛ දායකත්වයක් ලබා දෙනු ලබන කඳුකර දමිළ ප්‍රජාවගේ සමාජ ආර්ථික හා සංස්කෘතික ජීවිතය වඩාත් යහපත් කරගැනීමේ අරමුණින් රජය ක්‍රියාත්මක කර තිබෙන සංවර්ධන ව්‍යාපෘතින් කඩිනමින් අවසන්කර එහි ප්‍රතිලාභ ජනතාවට හැකි ඉක්මණින් ලබාදෙන ලෙස අමාත්‍ය විජිත හේරත් මහතා අදාළ ආයතනයන්හි නිලධාරින්ට උපදෙස් ලබා දී තිබේ.

ඒ, අදාළ අමාත්‍යවරයා හා අදාළ නිලධාරීන් අතර පැවති සාකච්ජාවකදී.

පරිසර, වනජිවි, වන සම්පත්, ජල සම්පාදන, වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය යටතේ පවතින “වැවිලි කලාප සඳහා වු නව ගම්මාන අධිකාරිය, වැවිලි මානව සංවර්ධන භාරය සහ සෞම්‍යමුර්ති තෝන්ඩමන් භාරය” යන රාජ්‍ය ආයතනයන් යටතේ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් එම සාකච්ජාවේදී අවධානය යොමුකර ඇත.

එමෙන්ම ඉන්දියානු රජයේ ණය ආධාර ඇතිව ක්‍රියාත්මක නිවාස ඉදිකිරිමේ යෝජනා වැඩසටහන් මෙන්ම අමාත්‍යංශ ප්‍රතිපාදන යටතේ ආරම්භ කර තිබෙන ප්‍රජා යටිතල පහසුකම් ව්‍යාපෘතින්වල වත්මන් තත්ත්වය පිළිබඳව එම ආයතනයන්හි නිලධාරීන් විසින් ප්‍රගති වාර්තා ඉදිරිපත් කර තිබෙන අතර වැවිලි මානව සංවර්ධන භාරය විසින් ක්‍රියාත්මක නිවාස ව්‍යාපෘතිවලින් 2024 වසරේ තුන්වන කාර්තුවේ අග භාගය වන විට 2024 ට අදාළව නිවාස ඉදිකිරිම් සම්බන්ධ ව්‍යාපෘතිවල ප්‍රගතිය 90% සීමාව ඉක්මවා ඇති බවද පෙන්වා දී ඇත.

ඒ අනුව හැටන්,නුවරඑළිය,නුවර සහ කෑගල්ල දිස්ත්‍රික්කවල පිළිවෙළින් සියයට 91%, 90% 92% 100% නිවාස යෝජනා ව්‍යාපෘතීන් ඉදිකිරිමේ ප්‍රතිශතය අවසන් අදියරවලට පැමිණ තිබේ.

මිට අමතරව වැවිලි කලාප සදහා වු නව ගම්මාන අධිකාරිය විසින් (New Villages Development Authority For Plantation Region) ක්‍රියාත්මක නිවාස හිමිකම් සහ ඉඩම් ඔප්පු 1060 ප්‍රදානයට අදාළ කටයුතු සුදානම් කර ඇති අතර ඉන් ඔප්පු 563ක් සම්පුර්ණ වශයෙන් ලියාපදිංචිය ද සිදුකර අවසන් බව සඳහන්.

තවත් ඔප්පු 497කට අදාළව ලියාපදිංචිය සිදුකරමින් පවතින් බවත් වැඩ අවසන් වි ඇති නිවාස සහ ලියාපදිංචිය අවසන් කර තිබෙන ඉඩම් හිමිකම් ඔප්පු දේශපාලන අධිකාරීය සම්බන්ධ කර නොගෙන රාජ්‍ය ලැබිය යුතු සැබෑ ප්‍රතිලාභින්ට කඩිනමින් ප්‍රදානයට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි අමාත්‍යවරයා උපදෙස් දී ඇත්තේ.

වැවිලි කර්මාන්තය සදහා නව ගම්මාන අධිකාරිය මැදිහත්ව කඳුකර වතු ප්‍රජාවගේ නිවාස සම්බන්ධ විධිමත් සංගණයක් සිදු කිරීමටද පියවර ගෙන තිබේ. ඒ සඳහා ජංගම දුරකතන ඩිජිටල් තාක්ෂණය භාවිත කිරීමට නියමිතයි.

ඒ් තුළින් කඳුකර වතු ප්‍රජාවගේ නිවාස මෙන්ම ඉඩම් සහ යටිතල පහසුකම් සම්බන්ධයෙන් ප්‍රථම වරට විධිමත් දත්ත සංචිතයක් පවත්වාගෙන යාමට ද අපේක්ෂා කරයි.

කඳුකර ප්‍රජාවගේ නිවාසවල වෙසෙන පාසල් දරුවන්ගේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවිමේ අරමුණින් ක්‍රියාත්මක දිවා ආහාර ලබා දීමේ වැඩසටහන්වල පවතින අඩුපාඩු හඳුනාගෙන එය විධිමත් කිරිමට අදාළවද සාකච්ජා කර ඇති බව සඳහන්.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan