රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW :
සමාජ මාධ්‍ය හරහා සංවිධානය කෙරුණු සාදයක් එම හෝටලයේ පැවැත්වෙන බවට පානදුර උතුර පොලිස් ස්ථානයට ලද තොරතුරත් මතසිදු කළ වැටලීමකදී, පානදුර ප්‍රදේශයේ හෝටලයක සිදු කළ වැටලීමකදී මත්ද්‍රව්‍ය සන්තකව සිටි තරුණයින් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.
මතුගම, කුරුණෑගල ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල තරුණයින් 16 දෙනෙකු එම සාදයට පැමිණ සිටි බව පොලීසිය පැවසුවේය. ඔවුන් අතරින් අයිස් සහ ගංජා මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි තරුණයින් 05 දෙනෙකු එලෙස අත්අඩංගුවට ගෙන බව සඳහන් වේ.
සැකකරුවන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, මෙම සාදය සමාජ මාධ්‍ය හරහා සංවිධාන කර ඇත්තේ පොලිස් නිලධාරියෙකුගේ පුත්‍රයෙකු බවටද තොරතුරු වාර්තා වේ.

