ක්‍රිකට් කියන්නෙ ක්‍රිකට් විතරක්ද?

Date:

නිශ්මං රණසිංහ  ඔක්තෝබර් 25,  කොළඹ LNW:


ඔබ පිටියේ ඇස්වලින් දකින ජාත්‍යන්තර ක්‍රිකට් හෝ රූපවාහිනි තිරයකින් දකින ක්‍රිකට්වලදි දකින්නෙ ඒ තරගයට අදාළ සුළු කොටසයි.හරියටම පහෙන් තුනක් විතර ඔබ දකින්නෙ නැහැ.පිට්ටනිය හදන්න විතරක් නෙමෙයි පිට්ටනිය රකින්න මහන්සි වෙන මිනිස්සුන්ගෙන් වැටෙන දහදිය වැස්සටත් වඩා වැඩියි කියලා හිතෙන වාර අනන්තයි.


මෙවර කාන්තා ලෝක කුසලාන තරගාවලියට අදාළව ශ්‍රී ලංකාවෙ පැවත් වූ තරග ඊයේ නිමාවට පත් වෙනවා.ඊයෙත් වැඩිපුර දකින්න ලැබුණෙ ශ්‍රී ලංකාවේ පැවත් වූ තරගවලදි දකින්න ලැබුණ විදිහටම වැස්ස.සාමාන්‍ය විදිහට ගත්තම මේ වස් කාලය.වහින එක අසාමාන්‍ය දෙයක් නෙමෙයි.
කාලගුණය වෙනස් වෙන විදිහ යම් අවිනිශ්චිත තත්ත්වයක කාලයක් තිස්සේ පවතින තත්ත්වයක ඒ ගැන විශ්වාසය තැබීම කියන්නෙත් අවිනිශ්චිතයි.එහෙත් නිශ්චිතව කිව හැකි දේ නම් අවිනිශ්චිතතාවයට වඩා වැඩි වගකීම් ප්‍රමාණයක් එම තරග පැවත්වීම කෙරෙහි බලපාන බවයි.
විශාල පිරිසකට රට ගැන පණිවිඩයක් යාම ක්‍රිකට්මය නොවන වෙනත් ආකාරයේ ක්‍රියාවක්.එසේම විශාල පිරිසක් ලංකාවට විදේශයන්ගෙන් පැමිණීම,ඒ හරහා නවාතැන් ආහාරපානවලින් යම් ලාභයක් රටට ඒම සිඳු වුණත්,වැදගත්ම දේ ඒ හරහා රට ලෝකය දකින එකයි.මේ වන විට විස්සයි විස්ස ආකෘතිය ඇතුළේ ලෝකයේ බොහෝ රටවල් ක්‍රිකට් ක්‍රීඩා කරන නිසා මේ තරගාවලිය ගැන විශාල අවධානයක් ලෝකයේ යොමු වී තිබෙන බව අප පිළිගත යුතු වෙනවා.


වඩාත්ම වැදගත් රාජ්‍යතාන්ත්‍රිකව මේ මොහොතේ මේ තරගාවලියේ වැදගත්කම.කළාපයේ සාම දූතයාගේ මෙහෙවර රටට පැවරී තිබෙනවා.රට තුළ ඇති වූ අභ්‍යන්තර අර්බූදවල පල විපාක මිස අන් රටවල් සමඟ එවැනි තත්ත්වයකත් රාජ්‍යතාන්ත්‍රිකව ශ්‍රී ලංකාව මිත්‍රශීලීව කතා කර තිබෙනවා.අදටත් ජපානය ශ්‍රී ලංකාවට විශේෂයෙන් සමීපව කටයුතු කරන ජේ.ආර්.ජයවර්ධන ජාත්‍යන්තරය ඉදිරියේ කළ කතාව ඊට උදාහරණ ලෙස ගත හැකියි.


එහෙත් එක තරගයක්වත් ගහන්න බැරි පොළවක ක්‍රිකට් කියලා මොනවා ගහන්නද?වැස්ස වහින්නෙ හවසට නිසා උදේ වරුව යොදා ගන්න බැරිද?එහෙම හිතන කොට තමයි අපිට දැනෙන්න ගන්නෙ සාමාන්‍යයෙන් පස්වරු 2.00 ට පටන් ගන්න තරග, ඇයි පස්වරු 3.00 ට ගහන්න තීරණය කරලා තියෙන්නෙ කියන දේ ගැන කල්පනා කරන්න.ඒකට හේතුව ලංකාවෙ මිනිස්සුන්ට බලන්න විතරක් නෙමෙයි මේ ක්‍රිකට් ගහන්නෙ.නැත්නම් ලංකාවෙයි,ඔවුන්ගෙ ප්‍රතිවාදී රටටයි බලන්න නෙමෙයි මේ ක්‍රිකට් විකාශය කරන්නෙ කියලා.පස්වරු දෙක,තුන වෙන්නෙ ඒ අර්ථයෙන්.


තව විදිහකට ඒ පොදු සාධකයක් විදිහට හදාගෙන තියෙන වෙලාව අයිසීසී ය විකුණලා තියෙන්නෙ.ඒ වෙනුවෙන් ගිවිසුම් අත්සන් කරලා ඉවරයි.ඒ නිසා අයිසීසීය ට ඒකෙන් පිට යන්න බැහැ.ඒක වානිජමය වශයෙන් තමන් සමඟ ගිවිසුම්ගත පාර්ශවය අගතියට පත් කරන ක්‍රියාවක්.
ඒත් පෞද්ගලිකව වැස්සට මේ තරගාවලිය දියවීම ගැන වගේම මේ වැස්ස අස්සෙ තරග පැවත්වීමට එකඟවීම ගැනත් ක්‍රිකට්ලෝලී මනස තුළ එතරම් කැමත්තක් නැහැ.එයින් ශ්‍රීලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමටත් යම් පාඩුවක් වෙන්න ඇති.එහෙත් ඇත්තටම කණ්ඩායම හානිය කර ගත්තෙ ඔවුන් විසින් ඔවුන්ටමයි.අත හරින ලද උඩ පන්දු නිසා තරග පැරදීම,කෙටි ලකුණු නොසළකා විශාල නිපන්දු ප්‍රමාණයක් සටහන් වෙන්නට දීම වැනි කාරණා ශ්‍රී ලංකා කණ්ඩායමේ පරාජයේ හේතු ලෙස සැළකිය හැකියි.


දකුණු අප්‍රිකාවේ අමානුෂික ප්‍රහාරය හැරුණු කොට ශ්‍රී ලංකා පන්දු යවන්නියන් මෙහිදී වැඩිය ගුටි කෑමට ලක් වුණේ නැහැ.එහෙත් ඒ පැත්තෙන්ද වර්ධනයක් අවශ්‍යය බව පැහැදිළියි.වඩාත්ම අවධානය යොමු කළ යුත්තේ සහ පරාජයේ වගකීම පැවරිය යුත්තේ නමුත් පන්දු රැකීම සහ මන්දගාමී ලකුණු ලබා ගැනීමටයි.


කණ්ඩායමේ පරාජය ගැන අදහස එවැනි වුවත් ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියක දායකත්වය සහ සහභාගීත්වය යනු සුළුවට ගත නොහැකි,ජය හා පරාජය මත නොවිසඳෙන බොහෝ කරුණු ගණනාවක්ට අදාළයි.වානිජමය සහ දේශපාලනිකව ඇති වගකීම ක්‍රිකට් ලෝලියාගේ වින්දනයට වගකීමට වඩා පළල් ලෙස සාකච්ඡාවට ගත යුතුයි.ඇතැම් විට එහි ක්‍රිකට් හැරෙන්න තිබෙන වගකීම් කොටස විශාලයි.එහි පරිමාවට සිතීම සහ කළමණාකරණය කිරීම මෙන්ම ඒ සියල්ල ක්‍රිකට් සමඟ පොළවේ ක්‍රියා පදයක් බවට පත් කිරීම පහසු නැහැ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!

සටහන – පුලී දෙසැම්බර් 12, කොළඹ (LNW): ආජන්ටිනාවේ ගුස්ටාවෝ සෙරාටිට...

ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 , කොළඹ LNW : සැකපිට...

ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන...