ඕවින්දි විෂ්මිකා
ඔක්තෝබර් 25, කොළඹ (LNW): වර්තමානය වන විට තාක්ෂණ අංශයට පමණක් නොව අනිකුත් සියලුම ක්ෂේත්‍රයන්හී නොයෙකුත් කාර්යයන් පහසු කිරීමට දායකවන කෘතීම බුද්ධිය (AI) දකුණු ආසියානු රටවල්වල රැකියා වෙළෙඳපොළට ගෙන ආ විශාල වෙනස සම්බන්ධයෙන් ලෝක බැංකුවේ නවතම වාර්තාවකින් අනාවරණය වී ඇත.එහි සොයාගැනීම් අනුව AI නිසා රැකියා අහිමි වීම පිළිබඳ බියක් ඇති කරවන නමුත් එහි අවදානය යොමු කළ තවත් පැතිකඩවල් ඇත.
2023 ජනවාරි සහ 2025 මාර්තු අතර කාලය තුළ දකුණු ආසියාවේ AI ආශ්‍රිත රැකියා දැන්වීම් දෙගුණයකටත් වඩා වැඩි වී ඇති අතර එය සියලුම ලැයිස්තුගත කිරීම් වලින් 2.9% සිට 6.5% දක්වා ඉහළ ගොස් තිබේ. AI-සම්බන්ධිත භූමිකාවන් සඳහා ඇති ඉල්ලුම අනෙකුත් රැකියා කාණ්ඩවලට වඩා සියයට 75 කින් පමණ වේගයෙන් පුළුල් වෙමින් පවතින අතර කලාපයේ ශ්‍රම වෙළඳපොලේ වේගවත් තාක්ෂණික පරිවර්තනයක් පෙන්නුම් කරයි.
වාර්තාවට අනුව දකුණු ආසියාවේ රැකියා වලින් ආසන්න වශයෙන් සියයට 22 ක් පමණ දැන් “AI- නිරාවරණයට ලක් වූ” රැකියා ලෙස සැලකේ. කෙසේ වෙතත් බහුතරය එනම් සියයට 70 ක් පමණ “AI-අනුපූරක” කාණ්ඩයට අයත් වේ.එනම් තාක්ෂණය හුදෙක් සේවකයින් ප්‍රතිස්ථාපනය කරනවාට වඩා ඔවුන්ගේ කාර්ය වලට සහාය වෙයි.තවද ගුරුවරුන්, නීතිඥයින්, ගෘහ නිර්මාණ ශිල්පීන් සහ පර්යේෂකයින් යන වෘත්තීන් හා AI ඒකාබද්ධ කිරීමෙන් ඵලදායිතාවෙන් වැඩි වාසි රැසක් ලබා ගැනීමට වැඩි ඉඩකඩක් ඇති බව එම වාර්තාවෙන් අවදාරණය විය.
තවමත් සියලුම ක්ෂේත්‍රයන් එක හා සමානව ප්‍රතිලාභ නොලබයි. රැකියා වලින් ආසන්න වශයෙන් සියයට 7 ක් විශේෂයෙන් පුනරාවර්තන හෝ ක්‍රියාවලි-ධාවනය කරන කාර්යයන් සම්බන්ධ රැකියා අවතැන් වීමේ ඉහළ අවදානමකට මුහුණ දෙන බව ලෝක බැංකුව අනතුරු අඟවයි. පාරිභෝගික සේවා නියෝජිතයින්, ගණකාධිකාරීවරුන් සහ පෙළ සෝදුපත් කියවන්නන් වඩාත් අවදානමට ලක්විය හැකි අය වන අතර ChatGPT වැනි උත්පාදක AI පද්ධති පැමිණීමෙන් පසු මෙම අංශවල බඳවා ගැනීම් දැනටමත් මන්දගාමී වී ඇත.
AI යොදා ගෙන නිම වන නවෝත්පාදනයන්ගේ කාර්යක්ෂමතාව අතිමහත් වුවත් දකුණු ආසියාව මෙම පරිවර්තනය සඳහා තම ශ්‍රම බලකාය සූදානම් කිරීමේදී අනෙකුත් කලාපවලට වඩා පසුපසින් සිටින බව ලෝක බැංකුව අනතුරු අඟවයි. ප්‍රධාන අභියෝග අතරට සංවර්ධිත ඩිජිටල් යටිතල පහසුකම් හිගය, උසස් පුහුණුව සඳහා සීමිත ප්‍රවේශය සහ පසුගාමී ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ ඇතුළත් වේ.
කලාපය තුළ ශ්‍රී ලංකාව සහ භූතානය වැඩිම AI බලපෑමට ලක්වූ රටවල් ලෙස කැපී පෙනෙන අතර බොහෝ දුරට ඔවුන්ගේ ඉහළ අධ්‍යාපන මට්ටම් සහ තාක්ෂණික කුසලතා මෙයට හේතු වේ. ඊට වෙනස්ව නේපාලය අවම වශයෙන් AI වලින් නිරාවරණය වී ඇත.
සිත්ගන්නා කරුණ නම් AI-දැඩි වෘත්තීන් එනම් සාමාන්‍යයෙන් ඉහළ වැටුප් සහිත සහ වැඩි දැනුමක් මත පදනම් වූ ක්ෂේත්‍රයන් ඒ රටවල මුළු වැටුප් ඉපැයීම්වලින් සියයට 42 කට පමණ දායක වේ.
ලෝක බැංකුවේ පණිවිඩය පැහැදිලිය; AI රැකියා ලෝකය වෙනස් කරමින් පවතී. නමුත් එය මිනිසුන් ප්‍රතිස්ථාපනය කරන්නේද නැතහොත් බලගන්වන්නේද යන්න රඳා පවතින්නේ රටවල් තම සේවකයින් අනාගතය සදහා කෙතරම් හොඳින් සූදානම් කරන්නේද යන්න මතය.


