*
Monday, September 23, 2024
spot_img

Latest Posts

“කැපිතා වූ මීයා”

ලෝකයේ වැඩිම දෙනෙක් ආස කරන ක්‍රීඩාව පාපන්දු.පාපන්දු ක්‍රීඩාවේ සදාකාලික රජවරු හැටියට ඉන්නෙ බ්‍රසීලය.බ්‍රසීලය දිනුවත් නැතත් බ්‍රසීලය දිනිය යුතුයි කියා සිතන සහ දිනනවට ආස ලොව පුරා ජනතාව බිලියන ගණනක් ඉන්නවා.මොකද්දෝ මන්ද හුස්ම එක්ක සම්බන්ධ වෙන නහරයක් පාපන්දුවල ඉදලා මිනිස්සුන්ගෙ හදවතට සමාජයෙන් ඇදලා සම්බන්ධ කරලා තියෙනවා.ඒකෙ ක්‍රියාත්මක යතුරු පූවරු සම්බන්ධ කරලා තියෙන්නෙ බ්‍රසීලයට.
එහෙම රටක ජාතික කණ්ඩායමට නායකත්වය දෙන්න තෝර ගන්නවා කියන්නෙ රජකම ලැබුණ වගෙ දෙයක්.ලෝකයම ආස කරන බ්‍රසීල පාපන්දුව එක්ක ඒ රටේ හැම පුරවැසියෙක්ම බද්ධයි.ඒ අයගෙ හුස්ම එක්ක පැටලුණු පාපන්දු තියෙන රටක රජකමට පැළඳගෙන තියෙන්නෙ කටු ඔටුන්නක් ද රන් ඔටුන්නක් ද කියන එක තේරෙන්න ගන්නෙ කාලයත් එක්ක.ඒ නිසා නායකත්වය යනු දුෂ්කර අභියෝගයක් වගේම එහි රැඳී සිටීමත් දුෂ්කර අභියෝගයක්.

බ්‍රසීල පාපන්දු නායකයා ඉන්නෙ කොයි වගේ පරිසරයකද?
පාපන්දු පුහුණුකරුවන් මිලියන 200 ක් ඉන්න රටක්.ඒ පරිසරය අවධාරනය කරමින් පාපන්දු ජනමාධ්‍යවේදී පාඔලෝ කෝල්හෝ පවසනවා.ඒ වගේම මේ රටේ සෑඹ පුරවැසියෙක්ටම පාපන්දු තරගයක් ක්‍රීඩා කළ යුතුඅයුරු ගැන අදහසක් තියෙනවා.ඔහු තව දුරටත් පෙන්වා දෙනවා.
එවැනි බිමක නායකත්වය යනු පහසු දෙයක් නොවෙයි.එය කුඩා කළ සිටම ප්‍රදර්ශනය කළ යුතු සහ ප්‍රගුණ කළ යුතු ගුණාංගයක්.මෙවර එම ගුණ විහිදන මිනිසා වන්නට සමත් වී ඇත්තේ තියාගෝ සිල්වා.ඔහුට වයස අවුරුදු 38 ක්.ලොව පුරා පාපන්දු ලෝලින්ගේ ආදරය ලැබෙන රට ගෞරවය පිණිස මෙහෙයවන්නට ඉඩ සැකසුණු තියාගෝ කුඩා කළ පටන්ම නායකත්ව ලක්ෂණ පෙන්නුම් කළ බව කියන්නේ ඔහුට කුඩා කාලයේ පාපන්දු පුහුණු කළ ඩෙකින්හෝ ය.

රියෝද ජැනෙයිරෝ හී දිළිඳු ප්‍රජාව පාපන්දු ක්‍රීඩා කළ ප්‍රදේශයක් වන විලා උරුකානියා හී පාපන්දු පුහුණුවට තියාගෝ එකතු වූ කාලය මතකයට නඟන ඩෙකින්හෝ පවසන්නේ “පුහුණුවේදී ඔහු ක්‍රීඩකයන් සංවිධානය කළා, ඔහු හැම විටම එය ඉතා බැරෑරුම් ලෙස සැලකුවා, ඒ නිසා මම ඔහුට නායකයාගේ වගකීම පැවරුවා” යනුවෙන්ය.
කුඩා කාලයේ සරුංගලයත් සමඟ වෙලුණු තියාගෝ ගේ ජිවිතය වෙනස් වන්නේ 1994 ලෝක පාපන්දු සරතාවලිය ය.හදිසියේ එහි අවසාන තරගයට කඩා පාත්වෙන පුංචි තියාගෝගේ ඇස් ඉස්සරහ බ්‍රසීලය දේවත්යෙන් සළකන ක්‍රීඩාව ලෝක සූරතාවය දිනා ගත්තේය.තීරණාත්මක මොහොතේදි ඉතාලියේ රොබර්ටෝ බැජියෝ ගේ පහර සාර්ථක නොවීමෙන් ලැබුණු ඒ ජයග්‍රහණය සමරන බ්‍රසීලයේ උන්මාදය තියාගෝ ගේ ඔළුවේ ඇන්දේ කවදා හරි තමන්ටත් බ්‍රසීල පාපන්දුව නියෝජනය කළ යුතුය යන හැඟීමය.

බ්‍රසීලයේ නිශ්චිත පාපන්දු ආකෘතියෙන් එපිටට වෙන්න පැවත්වෙන වර්සියා පාපන්දු තරග බොහෝ බ්‍රසීල ක්‍රීඩකයන්ගේ උපතය.ශක්තිය සහ නිර්භිත බව සමඟ හරියට දේව පූජාවකට පේවී සිටින්නාක් මෙන් සියල්ල පාපන්දුවට යටත් කර කරන වර්සියා පාපන්දු තියාගෝ ගේ ද ඇරඹුමයි.ඒ නිදහස් ක්‍රීඩා රටාව මෙන්ම එහි ඇති උද්වේගකර ස්වභාවයට ඔරොත්තු දිමට අවශ්‍යය කායික හා මානසික ශක්තිය සහ නිර්භිතබව බ්‍රසීල පාපන්දු ක්‍රීඩකයන් ඉහළ පාපන්දු තාක්ෂණය හමුවන්නටත් පෙර ඉගෙනගන්නේ ගංගා මිටියාවත්වල තැනිතලාවන් හි නිශ්චිත හැඩයක් නැති බිම්වල පහසුකම් රහිතව කරන වර්සියා පාපන්දුවලින්ය.
තියාගෝ 94 දී පාපන්දු ලෝක කුසලානයේ අවසාන තරගය අහඹු ලෙස දකින විටත් කුලෑටි ගැටවරයෙක්ය.ඒ නිසාම තියාගෝ මිතුරන් අතර හැඳින් වූයේ මීයා යන අනවර්ථ නාමයෙන්ය.දස හැවිරිදි වියේ පසු වූ තියාගෝ එදායින් පසු පාපන්දු සමඟ මිතුරන් අතරට ආවේය.ක්‍රීඩා කළේය.මිතුරන් ඇති කර ගත්තේය.මිතුරන් පාළනය කරන්නෙක් බවට පත් විය.

පාපන්දුව විසින් සකස් කළ මාවතේ ඉදිරියට පැමිණි තියාගෝ 1994 න් වසර 16 ට පසුව 2010 දි බ්‍රසීලය නියෝජනය කරමින් පාපන්දු ලෝක කුසලානය නියෝජනය කළේය.ඊට පෙර 2008 දී බ්‍රසීලය නියෝජනය කරමින් ඔලිම්පික් තරග සඳහා ද තියාගෝ සහභාගී විය.රොබර්ටෝ බැජියෝට වැරදුණ තැන සිට බ්‍රසීල පාපන්දු තරුවක් විමට සිහින මැවූ තියාගෝ 94 දී බ්‍රසීලය සූරතාවය දිනා ගන්නා අයුරු දුටු ආකාරයට ඊට වසර 28 පසු බ්‍රසීල ජාතිකයනිට නැවත පාපන්දු සූරතාවයක් රැඟෙන එන අයුරු දකින්නට නායකත්වය දීම සඳහා පෙරමුණ ගෙන ඇත.
මීයා 1994 පාපන්දු සූරතාවය දැකීමෙන් වෙනස් විය.ඒ වෙනස්වීම කෙතරම් ඔහුගේ ජීවිතයට බල පා ඇද්ද යන්න ඇසිය යුත්තේ තියාගෝ ගේ බිරිඳගෙන් ය.
“ඔහු කොහේ ගියත් මිනිසුන් ඔහුව දකින්නේ නායකයා ලෙසයි, ඔහුගේ මිතුරන් පවා ඔහුව හඳුන්වන්නේ ‘කැපිතා යනුවෙන් යැයි බිරිඳ ඉසබෙලා පවසන දේ ස්ථිර කරන ප්‍රකාශයක් කරන්නේ බ්‍රසීල ජාතික කණ්ඩායමේ පාපන්දු පුහුණුකරු ටිටේ ය.

“නායකත්වය යනු ඔහුගේ චරිත ලක්ෂණයක්ය.”
මේ සියලු අනාවැකි සහ විශ්වාස ලෝකයේ දැවන්තම පාපන්දු තරු අතර වඩාත් දීප්තිමත් තරුව බවට පත් කරන්නට මඟ පෙන්වන්නා ලෙස දියාගෝ ගේ හිතේ ද තැන්පත්ව ඇත.කණ්ඩායමේ සියල්ලට වඩා අත්දැකීම් ඇති සිව්වන ලෝක කුසලානයට ඉදිරිපත් වන තියාගෝ නායකත්වය දෙන්නේ බ්‍රසීලයටය.ලෝකයේ වැඩිම ප්‍රේක්ෂක ආදරය සහිත කණ්ඩායම වන බ්‍රසීලය මෙහෙයවීමේ භාග්‍යය ලත් තියාගෝ දෙස ලෝකයම බලා සිටින්නේය.බොහෝ රටවල් පාපන්දු ලෝක කුසලානය තමන්ට දිනිය නොහැකිනම් පාපන්දුව දේවත්වයේ තිබෙන බ්‍රසීලය ජයග්‍රහණය කරනවාට කැමතිය.එවැනි ජයග්‍රහණයක් වර්සියා බිම්වලට තව අවුරුදු ගාණක් ඉදිරයට බ්‍රසීලයේ පාපන්දුව ඉහළ තලයෙන් අල්ලා සිටින්නට හැකි පිරිස් නිර්මාණය කරන ආශිර්වාදයක් වනු ඇත.මීයන් කැපිතාවරන් බවට පරිවර්ථනය කරන ක්‍රියාවලියක් වනු ඇත.


RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan