හෙද හෙදියන් විශ්‍රාම ගැන්වීම ගැන අභියාචනාධිකරණයෙන් නියෝගයක් !

රාජ්‍ය හෙද සේවයේ විධායක පළමු අධිශ්‍රේණියේ සහ විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරීන් වයස 60දී අනිවාර්යය විශ්‍රාම ගැන්වීමට කැබිනට් මණ්ඩලය ගෙන තිබුණු තීරණය බලරහිත කරමින් අභියාචනාධිකරණය ඊයේ (24) රීට් ආඥාවක් නිකුත් කළේය.

ඒ, රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය විසින් ගොනු කළ රීට් පෙත්සමක තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි. නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ එම්.ඒ.ආර් මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ලක් විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි.

අදාළ කැබිනට් තීරණයෙන් පසුව විශ්‍රාම ගන්වන ලද ඉහත ශ්‍රේණිවලට අදාළ හෙද හෙදියන් නැවත සේවයෙහි පිහිටුවීමට ද විනිසුරු මඬුල්ල විසින් නියෝගයක් නිකුත් කරන ලදී.

රටේ පවතින හෙද නිලධාරීන්ගේ හිඟය, පසුගිය මාස 6 ට පමණක් හෙද නිලධාරීන් 1000 ක පුරප්පාඩුවක් ඇතිවීම, මේ තත්වය මත රාජ්‍ය සෞඛ්‍ය සේවය බිඳවැටීමට ඇති හැකියාව, අලුත් නිලධාරීන් පැමිණියත් පළමු ශ්‍රේණියේ හෙද නිලධාරීන්ගේ හිඟය පිරවිය නොහැකි වීම සහ වග උත්තරකරුවන් මේ තත්වයට පිළියම් ඉදිරිපත් කර නොමැති වීම යන කරුණු සලකා බලා මෙම ආඥාව නිකුත් කරන බවයි තීන්දුවෙහි සඳහන් කර ඇත්තේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ටෝකියෝ හිදී රිද්මය සොයාගත් Leylah Fernandez පෑන් පැසිෆික් ඕපන් අවසන් සටනට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ක්‍රීඩා පිටියේදී එල්ල...

TIN අංකය අනිවාර්ය කිරීමේ නව නීති

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ දේශීය...

දත්ත අවියක් කර ගැනීම : මැතිවරණවල නීත්‍යානුකූලභාවය නැති කිරීමට ව්‍යාජ දත්ත භාවිත වන ආකාරය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : නූතන ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය...

තුන්කොන් සටනේ අවසන් මහා තරගය: පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අද තරඟ බිමට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ඉංගලන්තය, පාකිස්තානය සහ...