*
Friday, May 3, 2024
spot_img

Latest Posts

ජලය මත පාවෙන සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් !

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): හරිත ජාතියක් සඳහා තවත් පියවරක් තබමින්, ශ්‍රී ලංකාව ජලාශ, වැව් මත පාවෙන සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් ආරම්භ කරයි.

කොරියානු ආධාර යටතේ පාවෙන සූර්ය පැනල බලාගාර ස්ථාපනය කිරීමේ නියමු ව්‍යාපෘතියකට අනුමැතිය ලැබීමෙන් අනතුරුව සමනලවැව ජලාශයේ මෙගාවොට් 150-200 ක නව සූර්ය බලාගාරයක් සැලසුම් කර ඉදිකිරීම සඳහා රජය ව්‍යාපෘති යෝජනා අපේක්ෂා කරයි.

රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඉබ්බන් වැව ජලාශයේ සහ චන්ද්‍රිකා වැව ජලාශයේ මතුපිට මෙගාවොට් 1 ක ධාරිතාවයකින් යුත් පාවෙන සූර්ය පැනල බලාගාරයක් ස්ථාපනය කිරීමේ නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා කොරියානු ජනරජය මාස හයකට පෙර කොරියානු වොන් බිලියන 6.83 ක ප්‍රදානයක් ලබා දීමට එකඟ වී ඇත.

මෙම සංකල්පය ප්‍රවර්ධනය කිරීමේ නවතම පියවරක් ලෙස සමනලවැව ජලාශයේ මෙගාවොට් 150-200 පාවෙන සූර්ය බලාගාරයක් ස්තාපනය සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.

ලංකා විදුලිබල මණ්ඩලය (ලංවිම) සහ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය විසින් කළමනාකරණය කරනු ලබන ජලාශ මතුපිට සූර්ය බලශක්ති උත්පාදන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට සැලකිය උනන්දුවක් මෙතෙක් දක්වා නොමැති බවට පැවසේ.

මේ අනුව විදුලිබල මණ්ඩලයට අයත් සමනලවැව ජලාශයේ පාවෙන සූර්ය ප්‍රකාශ වෝල්ටීයතා බලාගාරයක් ඉදිකිරීම සඳහා හඳුනාගෙන ඇති අතර, යෝජිත බලාගාරය මෙගාවොට් 150ත් 200ත් අතර ප්‍රමාණයක විශාල ධාරිතාවයකින් යුක්ත වන අතර , එය පිරිසිදු හා වඩා තිරසාර බලශක්ති ප්‍රභවයන් වෙත සැලකිය යුතු වේගවත් ගමනක් කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද කැබිනට් තීරණ ඇතුළත් නිවේදනයේ සඳහන් වේ. යටිතල පහසුකම් ව්‍යාපෘති පාලනය කරන ජාතික ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සමඟ මෙම පියවර ගෙන ඇති බව සඳහන් වේ.

තිරසාර බලශක්ති විසඳුම් සඳහා ඇති දැඩි අවශ්‍යතාවය හඳුනා ගනිමින්, පාවෙන සූර්ය බලාගාර ඉදිකිරීම හරහා ජලාශ මතුපිට සූර්ය විදුලිය ජනනය කිරීම, සීමිත භූමි ප්‍රමාණයක් ඇති රටවල් සඳහා සුදුසුම විසඳුමක් බව පහැදිලිය.

සාම්ප්‍රදායික පොසිල ඉන්ධන මත යැපීම අඩු කරමින් පුනර්ජනනීය බලශක්තිය වෙත පරිවර්තනය වීමට ශ්‍රී ලංකාව දරන පුළුල් උත්සාහයන්හි ප්‍රතිඵලයක් ලෙස මෙය දැකිය හැක.

මේ අතර රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඉබ්බන් වැව ජලාශය සහ චන්ද්‍රිකා වැව ජලාශය මතුපිට පාවෙන සූර්ය පැනල බලාගාර ස්ථාපනය කිරීමේ නියමු ව්‍යාපෘතියද ශ්‍රී ලංකාවේ බලශක්ති අර්බුධයට විසඳුම් ලබාදෙනු ඇත.

කොරියානු රජය වෙනුවෙන් මෙම නියමු ව්‍යාපෘතියේ අධීක්ෂණ නියෝජිතායතනය ලෙස කොරියානු දියුණු තාක්ෂණය සඳහා වූ ආයතනය කටයුතු කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan