*
Tuesday, May 7, 2024
spot_img

Latest Posts

කිරිගව හොරුන්ගේ දඩය රුපියල් මිලියනයක් !

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): වර්තමනයේ නිතර අසන්නට ලැනෙන කිරිගව සොරකම්වලට විසඳුමක් ලෙස කිරිගව සොරකම් සඳහා දඩ මුදල රුපියල් මිලියනය දක්වා ඉහළ නැංවීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර බලධාරීන්ට උපදෙස් දී ඇති බව සඳහන් වේ.

කිරිගවයින් සොරකම් කිරීම් මේ වනවිට දිවයින පුරා ඉහළ යමින් පවතින බවට කෘෂිකර්ම අමාත්‍යාංශයට වාර්තා වී ඇත.

දැනට ක්‍රියාත්මක සත්ව සුබසාධන පනත යටතේ කිරිගව සොරකම් සඳහා උපරිම දඩය රුපියල් 50,000කි. ඒ හැර ඒ සදහා සිරදඩුවම් පැනවීමක් ගැන සඳහන් නොවන අතර, මෙම කාරණය සැළකිල්ලට ගනිමින් කිරිගව සොරකම් සඳහා වන දඩය රුපියල් ලක්ෂ 10 දක්වාත්, අඩුම තරමින් වසරක බරපතල වැඩ සහිත සිර දඩුවම් පැනවීම සඳහාත් වගන්ති ඇතුළත් කර සත්ව සුබසාධන පනත සංශෝධනය කරන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පශු සම්පත් සංවර්ධන අංශයේ නිලධාරින්ට උපදෙස් ලබා දී ඇත.

සත්ව සුබසාධන පනත නව සංශෝධන සම්බන්ධව සාකච්ඡාවක් ඊයේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැත්විණි. පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාගේ ඉල්ලීමක් පරිදි සත්ව සුබසාධන සංගම් නියෝජිතයින් පිරිසක් සමග පැවැති මෙම සාකච්ඡාවේ දී කිරි ගව සොරකම් ඉහළ යාම හා කිරි ගව සොරුන්ට ලබා දෙන දඩුවම් සම්බන්ධව වගන්ති සඳහා නව සංශෝධන ඇතුළත් කළ යුතු බව අමාත්‍යවරයා සඳහන් කර ඇත.

ඒ අනුව කිරි ගව සොරකමක දී දැනට පනවන රුපියල් 50,000ක දඩය රුපියල් ලක්ෂ 10ක් දක්වා ඉහළ නැංවීමටත්, දැනට සිර දඩුවම් පිළිබඳ මෙම පනතේ අඩංගු නොවන බැවින් අඩු තරමින් බරපතල වැඩ සහිතව වසරක සිර දඩුවමක් පනවන ලෙස කරුණු ඇතුළත් කරන ලෙස ද අමාත්‍යවරයා උපදෙස් දී ඇත.

පසුගිය සතියේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මෙතෙක් දිනකට වැඩිම කිරි ප්‍රමාණයක් ලබා දුන් එළදෙන ද සොරකම් කර මරා දමා ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා එම ගවදෙනගෙන් දිනකට කිරි ලීටර් 26ක් බැගින් ලබා ගෙන ඇති බව ද පවසා ඇත.

අවස්ථා ගණනක දී ගව සොරකම් මර්දනය සඳහා පියවර ගන්නැයි පොලිස් දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීම් කර ඇති බව කී අමාත්‍යවරයා අප රටේ වැඩිම ගව සොරකම් වාර්තා වන දිස්ත්‍රික්කය ගම්පහ දිස්ත්‍රික්කය වන බව ද සඳහන් කළේය. මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයට වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය ඒකාබද්ධ කිරීම සම්බන්ධව මහින්ද අමරවීර මහතාට සුබපැතුම් ද එක්කර ඇති බව සඳහන් වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan