ඉදිරි අයවැයේදී අපි තීරණයක් ගන්නවා – නාමල් කියයි.

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): සභාග දේශපාලනය පිළිබඳව ජනාධිපතිවරයාට හොඳ අවබෝධයක් තිබිය යුතු බවත්, ඇමැති මණ්ඩල සංශෝධනවලින් ගැටලු විසඳාගත නොහැකි බවත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

සන්ධාන නායකයන් සමඟ සාකච්ඡා කර පක්ෂ අතර සාමය පවත්වා ගැනීමට ජනාධිපතිවරයා දැනගත යුතු බව ද ඔහු පවසයි. එමෙන්ම යහපාලන ආණ්ඩුව සමයේ නායකයන් දෙදෙනාම පැති දෙකකට ගිය අතර, එහි ප්‍රතිඵලය වූයේ රට අස්ථාවරභාවයට පත්වීම බව හෙතෙම පෙන්වාදෙයි.

ඉදිරි තීරණ ගැනීමේදී සහ සභාග දේශපාලනයේ නියැලීමේදී ජනාධිපතිවරයා සන්ධාන නායකයන් සමඟ සාකච්ඡා කිරීම සුදුසු යැයි තමා විශ්වාස කරන බව ඔහු සඳහන් කළේය.

පසුගියදා සිදුවූ ඇමැති මණ්ඩල සංශෝධනය පිළිබඳව අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පවසන්නේ, එය අමාත්‍යාංශ මාරු කිරීමක් පමණක් වන බැවින් ඇමැති මණ්ඩල සංශෝධනයක් ලෙස සැළකිය නොහැකි බවය.

ජනාධිපතිවරයාට කැබිනට් සංශෝධනයක් කරන්න අයිතියක් තියෙනවා. කෙසේවෙතත්, රජයටද යුතුකමක් තිබෙනවා ඒ සම්බන්ධයෙන් ඔවුන්ගේ සහෝදර සන්ධාන පාක්ෂිකයන් දැනුවත් කර සාකච්ඡා කරන්න.”

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ගැටුමක් සම්බන්ධයෙන් පැතිර යන කටකතා මන්ත්‍රීවරයා ප්‍රතික්ෂේප කළ ඇති අතර, වෙනත් කණ්ඩායම් විසින් එවැනි විරසකයක් පිළිබඳ කටකතා ඇති කිරීමට උත්සාහ කරන බවට ඔහු වැඩිදුරටත් චෝදනා කළේය.

ජනාධිපති ධූරය භාර ගන්නා ලෙස ආරාධනා කළේ, රනිල් වික්‍රමසිංහට පමණක් නොව සජිත් ප්‍රේමදාස, සරත් ෆොන්සේකා සහ අනුර කුමාර දිසානායකටද ආරාධනා කළ බවත්,රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පරිතන දේශපාලඥයෙක් ලෙස සන්ධාන සමඟ කටයුතු කිරීමේදී සාකච්ඡා කර තීරණ ගැනීමට කටයුතු කළ යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.

පසුගියදා සිදුවූ නව ඇමතිවරුන් පත් කිරීම කැබිනට් සංශෝධනයක් ලෙස පිළි නොගන්නා බවත්, ඇතුළත තනතුරු හුවමාරු කර ගැනීමක් පමණක් සිදුව ඇති බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කළේ, ඉදිරියේදී ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන අයවැය මත පක්ෂයක් ලෙස තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බවයි.

අද (25) ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ඊශ්‍රායලය සමඟ සටන් විරාමයක් සම්බන්ධයෙන් කිසිදු ගිවිසුමක් නොමැත; ප්‍රහාර අඛණ්ඩව’ – ඉරාන විදේශ ඇමති

සටහන: සශිකලා මධුෂාණිජුනි 24; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): මිට සුළු මොහොතකට...

“පරිසර පොළ” ඇමති නලින්දගේ නිරීක්ෂණයට!

රෂිකා හෙන්නායක ජූනි 24, කොළඹ LNW : කළුතර වස්කඩුව, වාඩියවත්ත...

කඩාවැටෙන කොටස් වෙළඳපොලේ විදේශීය මිලදී ගැනීම් වාර්තාගත ලෙස ඉහළට !

කොළඹ කොටස් වෙළඳපොල පසුගිය ජුනි 12 වනදා සිටම ක්‍රමිකව...