*
Friday, April 19, 2024
spot_img

Latest Posts

කුණු රස, මාධ්‍ය සදාචාරය, ෆෝබියාව හා සමාජ මාධ්‍ය ජාල

මෙම වසරේ ජනවාරි 22 වන දින දිවයිනේ එක්තරා ප්‍රසිද්ධ පුවත්පතක් ඇතුළු වෙබ් අඩවි කිහිපයකම පළවූ පුවතක් වූයේ මාතර ප්‍රදේශයේ පිරිමියකු දරු උපතක් සිදු කිරීම පිළිබඳවයි.

එම පුවත සැකෙවින් – මාතර ප්‍රදේශයේ ත්‍රී රෝද රථ රියදුරකු උදරාබාධයක් හේතුවෙන් රෝහල් ගත කිරීමෙන් අනතුරුව දරු ප්‍රසූතියක් සිදු කර තිබේ. එම රියදුරා පිරිමි පුද්ගලයකු බැවින් පුවත සංසරණය වී තිබෙන්නේ පිරිමියකු දරුවකු බිහි කරලා, නැතහොත් පිරිමියෙකු ලෙස පෙනී සිටි කාන්තාවක් දරුවකු බිහි කරලා යනුවෙනි. එක්තරා පුවත්පතක දැක්වූයේ පිරිමියකු ලෙස වෙස්ගත් ගැහැණියක ත්‍රී රෝද රථ රියදුරකු ලෙස සමාජයේ පෙනී සිටි බවයි. පත්තර කලාවේ ප්‍රමුඛයින් යැයි පවසා ගත් පුද්ගලයින් සිදුවීමට අදාල පුද්ගලයා පිරිමියකු යන්න උදෘත කොට තැබීම මාධ්‍ය සදාචාරයේ අන්තය කොපමණ ද යන්න පෙන්වා තිබිණි. 

මෙම හේතුව නිසාවෙන්ම ලංකා නිව්ස් වෙබ් අප එම සිදුවීමේ ඇත්ත නැත්ත සොයා සවිස්තරාත්මක වාර්තා දෙකක් මේ වන විට ඉදිරිපත් කර ඇත්තෙමු. වරක මෙම පුවත පළවූ සැනින් එහි පැවති සාවද්‍ය කරුණු පිළිබඳව පෙන්වා දීමට ද, තවත් වරක ගවේෂනාත්මකව සිදුවීමේ සුලමුල සොයා යමින් එහි තොරතුරු වාර්තා කිරීමට ද අපි කටයුතු කළෙමු.

කියවන්න: 
බුද්ධියෙන් විමසන දැනුම වකුගඩුවෙන් බෙදන පත්තර කලාව (මාතර දරු ප්‍රසූතිය පිළිබඳ පුවතට අදාලවයි)
අවසානයේ මාතර රෝහලේ ට්‍රාන්ස්ෆෝබියාව නිසා ‘පිරිමියෙකුට බබෙක්‘ ලැබුණේය!

මෙම පුවත දිවයිනේ රාජ්‍ය නාලිකාවක් වාර්තා කර තිබුණේ පහත පරිදි ය.

https://www.facebook.com/watch/?v=484565658874266&t=0

මෙම පුවත වාර්තා වී බොහෝ කල් ගත වී තිබුණ ද, එම පුවත නැවත වරක් සමාජ මාධ්‍ය ජාල තුළ සංසරණය වන්නට පටන් ගෙන තිබේ. අපට වාර්තා වන අන්දමට මෙය සංක්‍රාන්ති සමාජභාවී ප්‍රජාව ඇතුළු ශ්‍රී ලාංකීය LGBTIQ ප්‍රජාවට ඉතාම සැලසුම් සහගතව දියත් කළ ප්‍රහාරයක කොටසක් ලෙස ක්‍රියාත්මක වේ. 

කලක් නිහඬව පැවති මෙම පුවතට නැවත අලුත් කමෙන්ටු පළවෙනු දක්නට ලැබීම මීට සාක්ෂියකි. 

මානව හිමිකම් ක්‍රියාකාරීන් අප වෙත පෙන්වා දුන්නේ, ඉකුත් දින කිහිපය තුළ LGBTIQ ප්‍රජාව ඉලක්ක කර ගනිමින් මෙවන් ප්‍රහාර කිහිපයක් ම ක්‍රියාත්මක වී ඇති බවත්, එම සිදුවීම් හරහා පසක් වන්නේ, ඉතිහාසය පුරාවටම කිසියම් දේශපාලන උණුසුම්කාරී හෝ උච්ඡතම (peak) අවස්ථාවක් රට තුළ ඇති වන විට මෙවන් සිදුවීම් සුලභව හට ගන්නා බවත් ය. 

ලංකාවේ අධිකරණ වෛද්‍ය නිලධාරීන් ප්‍රමුඛ රෝහල් කාර්ය මණ්ඩලය, විශේෂයෙන්ම රෝහල් බලධාරීන් හා රෝහල් පරිපාලනය ට්‍රාන්ස්ෆෝබියාවෙන් සහ හෝමෝෆෝබියාවෙන් පෙළීම රහසක් නොවේ. සමරිසි හැසිරීම් හා ලිංගික දිශානතිය තහවුරු කිරීම සඳහා ගුද මාර්ග ආශ්‍රිත පරීක්ෂණ සිදුකිරීමට ශ්‍රී ලංකාවේ අධිකරණ වෛද්‍ය නිලධාරීන් ඇතුළු බලධාරීන් කටයුතු කර ඇති අන්දම මීට දින කිහිපයකට ඉහත දී හියුමන් රයිට්ස් වොච් සංවිධානය විසින් හෙලිදරව් කර තිබිණි.

කියවන්න: 
Justice redefined: Forced anal examinations conducted to ’prove’ homosexual conduct

මේ පිළිබඳව පැහැදිලි කිරීමක් සිදුකිරීමට අපද කටයුතු කළ අතර, ඉන් දින දෙකකට පසු දිවයිනේ ප්‍රසිද්ධ ඉංග්‍රීසි පුවත්පතක් ද කටයුතු කර තිබීම පැසසීමට කරුණකි. 

ඒ හා සමගාමීව ඉහත සිදුවීම යළි සමාජ මාධ්‍ය ජාල තුළ සංසරණය කරවීමට කටයුතු කර තැබීමෙන් පසක් වන්නේ, ශ්‍රී ලංකාවේ LGBTIQ ප්‍රජාව ඉලක්ක කර ගනිමින් දැවැන්ත ප්‍රහාරාත්මක ව්‍යාපාරයක් දියත් වන බවයි.  

මෙම සිදුවීමෙන් අදාළ පුද්ගලයා ගේ පෞද්ගලිකත්වයට බරපතල හානි සිදුවූයේ පමණක් නොව, ශ්‍රී ලංකාවේ වෛද්‍ය වෘත්තිය හොබවන්නන්ගේ දැනුමේ ප්‍රමාණය ද මැනවින් පසක් වන්නට විය.

කෙසේ වෙතත්, මේ පිළිබඳ ඵලදායී හා අර්ථාන්විත සංවාදයක් ගොඩ නඟා ගැනීමට කාලය එළඹ ඇති බවට අපි විශ්වාස කරමු. 

කියවන්න:
සමලිංගිකත්වය නීතිවිරෝධී නැහැ! නීතිය වැරදියට අර්තනිරූපණය කරනවා

මීට ඉහත, ශ්‍රී ලංකාවේ නීතිය LGBTIQ ප්‍රජාවට බලපාන අන්දම නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු සමඟ අප සාකච්ඡා කළ අන්දම ඔබට මතක ඇති යැයි සිතමු. ඉදිරියේ දී LGBTIQ මානව හිමිකම් පිළිබඳව ශ්‍රී ලංකාවේ සුළුතර ලිංගික ප්‍රජා සම්බන්ධ පර්යේෂකවරයකු සමඟ අප සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන අතර, එම සම්මුඛ සාකච්ඡාව නුදුරේදීම පළ කිරීමට අපි බලාපොරොත්තු වන්නෙමු.

සංස්කාරක (LGBTIQ)

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan