කලක් ගතවූ ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්දය අද!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26,කොළඹ (LNW):

අද (26) පෙරවරුවේ ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

මධ්‍යස්ථාන 48කදී අද පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි.

ඒ සඳහා ඡන්දදායකයින් 55,643 දෙනෙකු සුදුසුකම් ලබා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

ඡන්ද පෙට්ටි සහ නිලධාරින් ප්‍රවාහනය කිරීම ඊයේ සාර්ථකව සිදු කෙරුණු අතර , ඡන්ද විමසීමේ කටයුතු සඳහා නිලධාරින් 600 දෙනෙකු පමණ යොදවන බව, මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

.

ඡන්දය සලකුණු කිරීමේදී වම් අතෙහි මහපටඟිල්ල පාට කිරීමට තීරණය කර තිබෙන අතර , .ඒ, ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම පිළිබඳ ඡන්ද විමසීමේදී ඡන්දදායකයාගේ වම් අතෙහි සුළැගිල්ල පාට කර තිබීම හේතුවෙනි.

මෙලෙස සිදු කිරීමෙන් පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥාපනතේ (262 වැනි අධිකාරය) 53අ(3) වගන්තියෙන් ඡන්දදායකයා උචිත ලකුණින් සළකුණු කිරීම සම්බන්ධයෙන් මතුවිය හැකි ගැටලුව නිරාකරණය වනු ඇත.

ඡන්දදායකයගේ වම් අතෙහි මහපටඟිල්ල නොමැති නම් ඔහු‌ගේ දකුණු අතෙහි මහපටඟිල්ල හෝ වෙන යම් ඇඟිල්ලක් උචිත ලකුණුන් සලකුණු කිරීමට තීරණය කළ බව ද මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් පවසා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිනි ප්‍රමුඛ මාළිමාව යනු ජ.වි.පෙ. නසන ටර්මිනේටර්ලාද ?

ජ.වි.පෙ. යනු ප්‍රතිපත්තිමය දේශපාලනයක නිරතව සිටි පක්ෂයකි. (ඒ ප්‍රතිපත්‍ති...

පුදුමාකාර විදියට දුක්වීම ….

දඹානට ගිය ගමනෙදීආදි වාසීන් දැකලාආදි මදි යැයි කියානන්දනී වරුසවිතාන...

දවසේ උපුටා දැක්වීම: Google හි CEO සුන්දර් පිචායි ගෙන් ජීවිතයට ඔවදනක්! 

සටහන – පුලී ජනවාරි 23, කොළඹ (LNW): තාක්ෂණය ගොඩනඟන විට...

වජිරාගේ සහ දමයන්තිගේ ජයග්‍රහණය

නිශ්මං රණසිංහ ජනවාරි 23, කොළඹ LNW: වජිරා නෙත්තිකුමාර සහ දමයන්ති...