මාව ගෙන්නුවා වගේම උගන්ඩාවේ සල්ලි ගෙනිච්චා කියපු අයවත් ගෙන්නලා කටඋත්තර ගන්න – නාමල්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

නිර්නාමික පෙත්සමකට අදාළව තමන් පසුගියදා පොලීසිය හමුවේ පෙනී සිට කට උත්තරයක් ලබාදුන් බවත් තමන්ගෙන් කට උත්තර ගන්නවා සේම උගන්ඩාවට මුදල් ගෙනගිය බවට චෝදනා කළ අයවත් පොලීසියට කැඳවා ප්‍රකාශ සටහන් කරගනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

“අපට හොරා හොරා කියපු චෝදනාවලට අපට දෙන්න පුළුවන් හොඳම උත්තරය තමයි අධිකරණයෙන් නිදොස්කොට නිදහස් වීම. ඊයෙ දිනයේදී මමත් ගිහින් කට උත්තරයක් දීලා ආවා. ඊයේ දිනයේදී මහනුවර රැස්වීම් 08ක් තිබුණා, ඒ රැස්වීම් 08ත් අවලංගු කරගෙන මම ගියේ. මම ගිහිල්ලා ඇහුවාම මොකක්ද චෝදනාව කියලා, නිර්නාමික පෙත්සමක්. 2012 හරි 2013 හරි ඇවිල්ලා තියෙන්නෙ. මම ඇහුවා නිර්නාමික එකක් කරන්න බෑ නේද කියලා. තව එකක් තියෙනවා වගේ කිව්වා නමකින් ආව එකක්. මම කිව්වා එහෙනම් ඒකත් අරන් අහන්න, නැත්නම් ඔබතුමා අමාරුවෙ වැටෙයි ඊටපස්සෙ කියලා, නිර්නාමික පෙත්සමකට විමර්ශනයක් කළාය කියලා. මාව ගෙනිච්චා වගේ මම බලාපොරොත්තු වෙනවා උගන්ඩාවට සල්ලි ගෙනිච්චා කියපු අයවත් ගෙන්නලා කට උත්තර ලියාගන්න. චෙක්පත් දැක්කා කියපු අයවත් ගෙන්නලා කට උත්තර සඳහන් කරගන්න. හැබැයි ඒ මත පමණක් මේ රටේ ආර්ථිකය හැදෙන්නෙ නෑ. අපි දකිනවා අදටත් පෝලිම් යුගය අවසන් කළා කිව්වට මේ රටේ සැබෑ පෝලිම් යුගය අවසන් වෙලා නෑ. තෙල් පෝලිම් යුගය කෙසේවෙතත් දැන් පොල් පෝලිම් යුගයකුත් ඇවිත්”

නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (25) හඟුරන්කෙතදී පැවති ප්‍රචාරක රැස්වීමක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 10,000කට පසු සක්‍රීය වූ ඉතියෝපියාවේ Hayli Gubbi හේතුවෙන් ගුවන් ගමන් රැසක් අඬාල වෙයි!

සටහන – පුලී නොවැම්බර් 25, කොළඹ (LNW): වසර 10,000කට පසු...

සේවක අර්ථසාධක අරමුදලට අලුත් වැඩක්!

කොළඹ LNW:සේවක අර්ථසාධක අරමුදල සම්බන්ධයෙන් නව ඩිජිටල්කරණ පද්ධතියක් හඳුන්වා...

විභාග අක්‍රමිකතාවක් පිළිබදව තොරතුරක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 25, කොළඹ LNW: අද (25) පැවති කැබිනට්...

නවීණ තාක්ෂණය යටතේ රූපවාහිනී නරඹන්නන්ට උසස් තත්වයේ ඩිජිටල් අත්දැකීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 25, කොළඹ LNW: භෞමික ප්‍රතිසම රූපවාහිනී නාලිකා...