ඊශ්‍රායලය ඉරානයේ හමුදා ඉලක්ක වෙත ප්‍රහාර දියත් කරයි

සටහන: සශිකලා මධුෂාණි
ඔක්තෝබර් 26; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊශ්‍රායලය විසින් අද(26)අලුයම ඉරානයේ හඳුනාගත් හමුදා ඉලක්ක වෙත සෘජු ගුවන් ප්‍රහාර දියත් කර ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් වාර්තා කරමින් ඉරාන රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය වන IRNA සඳහන් කර තිබුණේ, අගනුවර වන ටෙහෙරාන් සහ ඒ ආසන්නයේ කරජ් මෙන්ම නැගෙනහිර නගරය වන මාෂාඩ් වල අවම වශයෙන් පිපිරීම් හතක් වාර්තා වූ බවත්, මේ වන විට රටපුරා ගුවන් ආරක්ෂක පද්ධති සක්‍රිය කර ඇති බවත්, ජීවිත හානි හා දේපල හානි සම්බන්ධයෙන් විමර්ශන සිදුවෙමින් පවතින බවත්ය.

කෙසේ නමුත්, මේ වන විට ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායට (IRGC) අයත් කිසිදු හමුදා ස්ථානයකට ප්‍රහාර එල්ල වී නොමැති බව වාර්තා වන අතර පසුගිය ඔක්තෝබර් මස 01 වන දා ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) විසින් හිස්බුල්ලා ප්‍රධානී හසන් නස්රල්ලා සහ IRGC අණදෙන නිලධාරි අබ්බාස් නිල්ෆෝරූෂාන් මෙන්ම මේ වසර මුලදී හමාස් නායක ඉස්මයිල් හනියේ ඝාතනයට ප්‍රතිචාරයක් ලෙස ඊශ්‍රායලයේ හඳුනාගනු ලැබූ ඉලක්ක වෙත බැලස්ටික් මිසයිල 180ක් පමණ දියත් කිරීමට ප්‍රතිචාර වශයෙන් මෙම ප්‍රහාරය දියත්කළ බවයි ඊශ්‍රයල හමුදාව නිවේදන කර තිබුණේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ගෝඨා ගෝ ගම’ නඩුව: නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරයාගෙන් ලිඛිත ඉල්ලීමක්

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 'ගෝඨා ගෝ ගම'...

අත්‍යවශ්‍ය ඖෂධ ගැන – සෞඛ්‍ය අමාත්‍යගෙන් හෙළිදරව්වක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : දිවයිනේ අත්‍යවශ්‍ය ඖෂධ...

වසර මිලියන 500 කට පෙර පැවැති පෘථිවිය පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකාවෙන් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාවට යටින්...

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...