ට්‍රම්ප් සහ වැන්ස් චීනයේ සයිබර් ප්‍රහාරයකට ලක්විය හැකි බවට අනතුරු ඇඟවේ

Date:

සටහන: සශිකලා මධුෂාණි
ඔක්තෝබර් 26; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : චීනයට සම්බන්ධ සයිබර් අපරාධකරුවන් විසින් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ පක්ෂයේ උප නයකයා වන සෙනෙට් සභික ජේඩී වැන්ස් විසින් භාවිතා කරන දුරකථන ජාලවලට සම්බන්ධ වීමට සැළසුම් කරන බවට එක්සත් ජනපද බලධාරීන් විසින් අනතුරු අගවා ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීම අධිකරණ දෙපාර්තමේන්තුව සහ FBI ප්‍රතික්ෂේප කර ඇති අතර මේ සම්බන්ධයෙන් ඒකාබද්ධ ප්‍රක්ෂයක් නිකුත් කරමින් FBI හා සහ යටිතල පහසුකම් ආරක්ෂණ ඒජන්සියේ (CISA) නිවේදන කර තිබුණේ, මහජන චීන සමූහාණ්ඩුවට අනුබද්ධ සයිබර් අපරාධකරුවන් විසින් වාණිජ විදුලි සංදේශ යටිතල පහසුකම් සඳහා අනවසරයෙන් ප්‍රවේශ වීම පිළිබඳව එක්සත් ජනපද රජය විමර්ශනය කරන බවයි.

කෙසේ නමුත් ට්‍රම්ප් ව්‍යාපාරය මෙම හැක් කිරීම සම්බන්ධයෙන් ඩිමොක්‍රටික් පාක්ෂිකයින්ට දොස් පවරා තිබු අතර ඔවුන් සඳහන් කර තිබුණේ, මෙය ජනාධිපති ට්‍රම්ප් නැවත ධවල මන්දිරයට පැමිණීම වැළැක්වීමේ ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ගේ කුමන්ත්‍රණයක් විය හැකි බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලයට යයි

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: රාජ්‍ය විශ්වවිද්‍යාලය 16 ට...

අධිකරණ නියෝග මත ඉන්දියාවෙන් පිටුවහල් කළ සැකකරුවන් තිදෙනෙකු යළි මෙරටට !

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : මෙරට අධිකරණවලින් ඇප...

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...