රනිල්ගේ ප්‍රකාශය අසත්‍යයි – ලාල් කාන්ත

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ (LNW):

2025 වසරේ ජනවාරි මස සිට රාජ්‍ය සේවකයන්ගේ වැටුප වැඩි කිරිමට ප්‍රතිපාදන වෙන් කර තිබු බවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදු කරන ප්‍රකාශ අසත්‍ය බව ජාතික ජන බලවේගයේ විධායක කමිටු සමාජික, මහනුවර දිස්ත්‍රික් කණ්ඩායම් නායක සහ අපෙක්ෂක ලාල් කාන්ත මහතා පවසයි.

නාවලපිටිය ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ මහ මැතිවරණ ප්‍රචාරක වැඩසටහනකට එක්වෙමින් ලාල් කාන්ත මහතා ඒ බැව් කියා සිටියේය.

එසේ රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය සේවකයින්ට ගෙවීමට ප්‍රතිපාදන වෙන් කර තිබුණා නම් එම මුදල් ඔහු ගෙදර රැගෙන යන්නට ඇති බව මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු ලාල් කාන්ත මහතා කියා සිටියේය.

ජනාධිපතිවරණයෙන් පරාජය වී නිවසට වි විශ්‍රාම සුවයෙන් සිටිම වෙනුවට මෙවැනි ප්‍රකාශ සිදු කිරිම හාස්‍යයට කරුණක් බව ලාල් කාන්ත මහතා වැඩිදුරටත් කියා සිටියේය.

අත්‍යවශ්‍ය ආහාර මිල ඉහල ගොස් ඇති බව සහ රටේ ආරක්ෂාවට තර්ජනයක් එල්ල වී ඇති බව පවසමින් ඇතැම් පිරිස් මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කරන බවත්, එම අසත්‍ය ප්‍රකාශවලට නොවැම්බර් මස (14) දින රටේ බහුතර පිරිසක් පිලිතුරු ලබාදෙන බව ඔහු පවසා සිටී.

නොවැම්බර් (14) දිනයෙන් පසු ජාතික ජන බලවේගය කැබ්නට් ඇමතිවරුන් 25 දෙනෙකුගෙන් සහ නියෝජ්‍ය ඇමතිවරුන් 25 දෙනෙකුගෙන් යුත් ශක්තිමත් ආණ්ඩුවක් පත් කිරිමෙන් පසු රටේ තිබෙන සියළුම ප්‍රශ්න වලට විසදුම් ලබාදෙන බව ලාල් කාන්ත මහතා වැඩිදුරටත් කියා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තියුණු සටනකින් අනතුරුව බ්‍රසීල ජනාධිපතිවරණය ලූලා ද සිල්වා ජයග්‍රහනය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: ඊයේ(26)දිනයේ දී...

LOLC ගැන අසත්‍ය ප්‍රචාර වැළැක්වීමට කොන්දේසි සහිත අධිකරණ නියෝගයක්

සටහන - රුවන් නෙළුගොල්ල LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සහ එහි ව්‍යාපාරික...

බෙංගාල බොක්කේ ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් වෙයි – අද (26) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද...

ඩොලර් උපයාගැනීම සහ ඩොලර් පිටතට ගැලීම අවම කරගැනීම අපේ ප්‍රධාන ආර්ථික උපායමාර්ගය විය යුතුයි – ජනපති

සටහන - රුවන් නෙළුගොල්ල ප්‍රාග්ධන වියදම් වැඩි වන විට ඩොලර්...