දෙසැම්බරයේදීත් විදුලි බිලට සහනයක්!

Date:

කොළඹ LNW:දෙසැම්බර් මාසයේදී සියලු අංශ සඳහා 6%ට මධ්‍යස්ථ අගයකින් විදුලි ගාස්තු සංශෝධනය වියහැකි බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

මෙම වසරේ තුන්වැනි කාර්තුවට අදාළ විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධ යෝජනාව විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසම වෙත භාරදී තිබුණු අතර වසරේ සෑම කාර්තුවකම විදුලි ගාස්තු සංශෝධනය කිරීම සිදුවෙයි.

මහජන උපයෝගීතා කොමිසම ප්‍රකාශ කරන්නේ 4%ත් 11%ත් අතර අගයකින් විදුලි ගාස්තු පහත දැමීමට යෝජනා කර ඇති බවයි.

එය සෑම අංශයකටම 6%ක මධ්‍යස්ථ අගයක් වනු ඇති බවයි මහජන උපයෝගිතා කොමිසම සඳහන් කරන්නේ.

එම යෝජනා මේ වනවිට අධ්‍යයනය කරමින් සිටින බවත් ඒ සම්බන්ධයෙන් තවදුරටත් සංශෝධන සිදුකිරීමට අවශ්‍ය නම් එම යෝජනා නැවත එළැඹෙන සඳුදා විදුලිබල මණ්ඩලය වෙත යොමු කිරීමත් සිදුකරන බවයි එම කොමිසම තවදුරටත් පවසන්නේ.

ඒ ආණූආ මෙම වසරේ පළමු කාර්තුවේ විදුලි ගාස්තු සංශෝධනය මාර්තු මස 4වැනි දින සිදුකළ අතර එහිදී පොදුවේ සියලු ඛාණ්ඩ සඳහා 21.9%කින් විදුලි ගාස්තු සංශෝධනය විය.

දෙවැනි කාර්තුවේ විදුලි සංශෝධනය පසුගිය ජූලි මස 16වැනිදා සිදුකළේය.

එහිදී පොදුවේ සියලු ඛාණ්ඩ සඳහා සංශෝධනය කළ ප්‍රමාණය 22.5%කි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෛද්‍ය ගල්ලන්ගොඩ සිහි කරමින් පැසිපන්දු තරගාවලියක්

නිශ්මං රණසිංහ අගෝස්තු 27, කොළඹ LNW: වෛද්‍ය ජනක ගල්ලන්ගොඩ අනුස්මරණ කුසලානය...

ටිරෝන් ද සිල්වා කුසලානය 10 වන වරටත් කැවිලියර්ස් සතු වෙයි

නිශ්මං රණසිංහ අගෝස්තු 27, කොළඹ LNW: “ටිරෝන් ද සිල්වා” අභියෝගතා කුසලානය...

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ 2026 පූර්ව අයවැය සාකච්ඡාව ජනපති ප්‍රධානත්වයෙන්!

ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට කර්මාන්ත අංශයේ දායකත්වය ඉහළ නංවා...