දකුණු අප්‍රිකාවේ පිතිකාරිණියෝ ඔස්ට්‍රේලියාවේ කින්ග්ට යටත් වෙති

Date:

නිශ්මං රණසිංහ  ඔක්තෝබර් 26,  කොළඹ LNW:

ලකුණු 18 ට කඩුලු 7 ක්.මේක ඉහළ දස්කමක්.එක්දින තරගයකදි අයෙකුට හිමිවන පන්දු වාර 10 තුළ ලකුණු 18 ක් පමණක් ලබා දීම වගේම කඩුලු 7 ක් ලබා ගැනීමත් දුෂ්කර වැඩක්.අති විශිෂ්ඨ දස්කමක්.මෙම දස්කමට අදාළ කතා නායිකාව වන අලානා කින්ග් පන්දු ඕවර් 10 යවන්නෙත් නැහැ.පන්දු ඕවර් 7 ක් යවමින් ලකුණු 18 ට ඇය ලබා ගන්නා කඩුලු හත පිරිමි සහ කාන්තා ලෝක කුසලාන එක්දින තරග සළකද්දී ඔස්ට්‍රේලියානුවෙකු කළ දෙවන හොඳම දස්කමත් වෙනවා.ඇය ග්ලේන් මැක්ල්‍රාත් ලබා ගෙන ඇති ලකුණු 15 ට කඩුලු 7 ට පසු හොඳම පන්දු යැවීම කළ ක්‍රීඩිකාව වෙනවා මෙන්ම ලෝක කුසලාන තරගාවලියක කුමන රටක ක්‍රීඩිකාවක හෝ කළ හොඳම පන්දු යැවීම වෙනවා.


කින්ග්ගේ මේ පන්දු යැවීම නිසා දකුණු අප්‍රිකාව ලකුණු 97 ට දැවී යනවා.මේ ලකුණු 97 ට දැවී යන දකුණු අප්‍රිකාවෙ කඩුලු 7 ක් දවා ගන්නවා පමණක් නොවේ,ඔවුන් තුළ පීඩනය ඇති කරමින් ආරම්භක පිතිකාරිණිය ලෙස පිටියට පැමිණ ලකුණු 32 ක් වූ ලකුණු පූවරුවෙන් ලකුණු 31 ක් ම ලබා ගෙන සිටි දකුණු අප්‍රිකානු නායිකා ලෝරා වොල්ඩර්වර්ට් දවා ගන්නට විශිස්ඨ උඩ පන්දුවක් රැක ගනිමින් දකුණු අප්‍රිකාව සිටි ස්ථාවරයෙන් ඇඳ දමන්නට පෙරමුණ ගන්නටද කින්ග් සමත් වෙනවා.


මේ මොහොත වන විට එලීසා හීලිගේ නායකත්වයේ මඟ පෙන්විම නැතුව ක්‍රීඩා කරමින් සිටින ඔස්ට්‍රේලියා කණ්ඩායම කිසිඳු අවස්ථාවක ඒ හිස් තැන මතු නොවන්නට වගකීම ගෙන ක්‍රීඩා කිරිම කැපී පෙනෙනවා.පිළිතුරු ඉණිම ක්‍රීඩා කිරීමට පිවිසි ඔස්ට්‍රේලියාවට ලකුණු 11 ක් තුළ කඩුලු 2 ක් අහිමි වුව ද,ජොර්ජියා වෝල් නොදැවී ලකුණු 38 ක් පන්දු 38 න් ලබා ගෙන ආරක්ෂාව සහ ආක්‍රමණය සමානව මුසු ඉණිමක් ක්‍රීඩා කළා.බේත් මුනි පන්දු 41 න් ලබා ගත් ලකුණු 42 සහ ජොර්ජියා සමග එක්ව තෙවන කඩුල්ලට පැවත් වූ ලකුණු 76 ක සබදතාවය නිසා ඔස්ට්‍රේලියාවට කඩුලු 3 ක් දැවී ලකුණු 98 ක් ලබන්නට වැය වුණේ පන්දු ඕවර් 16.5 ක් පමණයි.
ලකුණු පූවරුවට පිවිසෙන්න- https://bit.ly/3JsUUw0

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...