අරගලේට යන අම්මලාට දරුවන් තියල යන්න ඩේකෙයාස් හදල දෙන්න ඕන – ගීතා (VIDEO)

Date:

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමෙන් දරුවන් රැකබලාගැනීම සඳහා සුරැකුම් මධ්‍යස්ථාන පිහිට විය යුතු වන අතර එවිට අරගල වැනි කටයුතු සඳහා යන මව්වරුන්ට දරුවන් එම ස්ථානවල සුරක්ෂිතව තබා යා හැකි බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවාය.

කෙසේවෙතත් මෙය ඉතා කුඩා වයසේ දරුවන් සිටින මව්වරුන්ට විදෙස් රැකියා සඳහා යොමුවීමට අදාළ කරගත යුතු කාරණයක් නොවන බවයි රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළේ.

දරුවන් රැකබල ගැනීම මෙන්ම මව්වරුන් සම්බන්ධයෙන්ද ඔවුන්ට අවශ්‍ය පහසුකම් සම්බන්ධයෙන් ද සොයා බැලිය යුතුවන අතර සිය අමාත්‍යාංශය හරහා ඉදිරියේදී එවැනි කටයුතු සිදුකරන බව ඇය සඳහන් කළාය.

මේ අතර යාල වනෝද්‍යානයේ සංවේදී පරිසර කලාපයක් තුළ පිරිසක් නොමනා අයුරින් හැසිරීම සම්බන්ධයෙන්ද රාජ්‍ය අමාත්‍යවරිය මාධ්‍ය වෙත අදහස් දක්වන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුමාර ජයකොඩි ඇමතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගය මොකක් ද? – පුබුදු ජයගොඩ

රටේ වත්මන් දේශපානලන තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා පෙරටුගාමී...

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...