ඉන්දියාවෙන් නැවතත් කැනඩාවට අවසර!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): සික් බෙදුම්වාදියෙකු කැනේඩියානු භූමියේදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඇති වූ බරපතල ආරවුලක් මධ්‍යයේ, කැනේඩියානුවන් සඳහා වීසා නිකුත් කිරීම ඉන්දියාව පසුගිය සැප්තැම්බර් මාසයේදී නවතා දැමීමෙන් පසු එම වීසා සේවා නැවත ආරම්භ කරන බව ඔටාවා හි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

එහිදී ඝාතනය පිටුපස ඉන්දියාව සිටින බවට කැනඩා අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේය. කෙසේ නමුත් මේ වනවිට නිලධාරීන් සඳහන් කරන්නේ ඔවුන්ගේ දූත මණ්ඩලවල ආරක්ෂක තත්ත්වය සමාලෝචනය කිරීමෙන් පසු වීසා නිකුත් කිරීම නැවත ආරම්භ කරන බවයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, අද (26) සිට වීසා නිකුත් කිරීම නැවත ආරම්භ වන අතර, ප්‍රවේශ වීසා සඳහා මෙන්ම ව්‍යාපාරික, වෛද්‍ය සහ සම්මන්ත්‍රණ වීසා සඳහාද එය අදාළ වනු ඇති බවයි. කැනඩාව ඉන්දියාව සමග ඇති අමනාපය දුර දිග ගෙන යාමට බලාපොරොත්තු නොවන බව අවධාරණය කරන අතරම, දැනට පවතින මිනීමැරුම් විමර්ශනයට ඉන්දියාවේ සහයෝගීතාව ලබා දෙන ලෙස කැනඩාවේ අග්‍රාමාත්‍යවරයා ඉල්ලා සිටී.

ඉන්දියාවෙන් සිය රාජ්‍යතාන්ත්‍රිකයින් රැසක් ඉවත් කර ගත් බව කැනඩාව මීට පෙර සඳහන් කළ අතර, නමුත් තවත් කැනේඩියානු රාජ්‍ය තාන්ත්‍රිකයින් 21 දෙනෙකු ඉන්දියාවේ රැඳී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැඩබලන අගවිනිසුරු ලෙස යසන්ත කෝදාගොඩ දිවුරුම් දෙයි

සටහන - රුවන් නෙළුගොල්ල වැඩබලන අගවිනිසුරුවරයා වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති...

ආපදා හමුවේ ආණ්ඩුවේ හැසිරීම ප්‍රශස්තයි.වන්දියත් හොඳයි.ලොකු පිනක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ආපදා හමුවේ...