*
Saturday, May 18, 2024
spot_img

Latest Posts

තවත් ගාස්තු සංශෝධනයක්!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීමේදී අය කරනු ලබන ගාස්තුව සංශෝධනය කිරීමට රජය පියවර ගෙන ඇති අතර එයට අදාළ ගැසට් නිවේදනය මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති බව සඳහන් වේ.

අදාළ ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ, ජාතික හැඳුනුම්පතක සහතික පිටපතක් සඳහා වන ගාස්තුව රුපියල් 1,000ක් විය යුතු බවයි.

ඊට අමතරව ජාතික හැඳුනුම්පත් පිළිබඳ විස්තරවල සත්‍යතාව සහතික කිරීම සඳහා වන ගාස්තුව මාර්ගගත ක්‍රමවේදය හරහා ඉදිරිපත් කරනු ලබන අවස්ථාවක, රුපියල් 25ක් ලෙසත් භෞතික ලේඛන මඟින් හෝ කොමසාරිස් ජනරාල්වරයා හට පිළිගත හැකි ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදයක් හරහා ඉදිරිපත් කරනු ලබන අවස්ථාවක රුපියල් 500ක් ලෙසත් අය කිරීමට නියමිත බවද සඳහන් වේ.

මීට අමතරව ජාතික හැඳුනුම්පත් ඡායාරූප ශිල්පියෙකු වශයෙන් ලියාපදිංචි කිරීම සඳහා වන ගාස්තුව රුපියල් 15,000ක් විය යුතු බවත් සඳහන් වන අතර, මීට පෙර එම ගාස්තුව පැවතියේ රුපියල් 10,000ක් වශයෙනි.

එම ලියාපදිංචි සහතිකය නැවත අලුත්කිරීම සඳහා වාර්ෂික ගාස්තුව ලෙස පැවති රුපියල් 2,000ක මුදල රුපියල් 3,000ක් ලෙස ඉහළ දැමීමට ද කටයුතු කර ඇත.

ගාස්තු සංශෝධන ඇතුළත් නව ගැසට් නිවේදනය පහද දැක්වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan