අපි ආණ්ඩුවේ තමයි හැබැයි ආණ්ඩුවේම නෙවෙයි – මන්ත්‍රී රෝහිතගෙන් සිහිකැඳවීමක්!

Date:

කොළඹ LNW:ජනතාවට සහන දෙමින් රට ස්ථාවර කිරීම සඳහා වත්මන් ජනාධිපතිවරයාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහය දී තිබෙන අතර එය නිසි ලෙස ඉටුනොවන්න් නම් ඊළඟ ආණ්ඩුවක් හදන්නේ කවුද යන කාරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානමින් පසුවෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවසුවේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යනු ආණ්ඩුව සමඟ සිටින පක්ෂයක් වුවද ආණ්ඩුවම නොවන බවද තමන් පවසන බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

”ජනතාවට සහන ලබා දෙමින් මේ රට ස්ථාවරභාවයකට ගෙන්න තමයි අපි එතුමාට ඒක ලබා දුන්නේ. ඒක එතුමාගේ යුතුකමක් සහ වගකීමක්. ඒක හරියට නොකරනවා නම් ඊළඟ ආණ්ඩුවක් හදන්නේ කවුද කින්ද මන්ද කියන එකට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෑස්තියි. ඒ වෙනුවෙන් පෙනී සිටිනවා.
ආණ්ඩුව කියන්නේ එකක්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන්නේ ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටින පක්ෂයක්. හැබැයි අපි ආණ්ඩුවම නෙවෙයි. එතුමාව ජනාධිපති ලෙස කරපු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් එක්ක සම්බන්ධයක් තියාගෙන කටයුතු කළයුතු බව මම හිතන්නේ සිහිපත් කරන්න වෙනවා.”

ම අතර ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් සිය අපේක්ෂකයා සූදානම් බවද ඔහු සඳහන් කරන ලදී.

”නළුවා ලෑස්තියි. ඔක්කොම හරි.පෙන්වන්නේ වෙලාවට” යනුවෙන් අබේගුණවර්ධන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ඔහු මෙම අදහස් පළකළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ටෙහෙරානයේ හදවතට’ ප්‍රහාර එල්ල කිරීමට ඊශ්‍රායල ආරක්ෂක ඇමති නියෝග කරයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 24; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය හා ඊශ්‍රායලය...

සභා 200ක් මාලිමාව අතේ!

කොළඹ LNW:පසුගිය පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලවලට අනුව මේ වන...

බෝට්ටු පෙරළීමෙන් ටහෝ විලෙහි අට දෙනෙක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිජුනි 24; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු ඇමරිකාවේ විශාලතම...

වතු කම්කරු වැටුප් වැඩි වීම ගැන බලාපොරොත්තුවක්!

කොළඹ LNW:මෙම වසරේදී වතු කම්කරු දෛනික වැටුප රු.1700 දක්වා...