දරුවන් වෙනුවෙන් පොලිසීය ගත් දැඩි තීරණය!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකා පොලීසිය විශේෂ ක්‍රියාමාර්ගයකට යොමුව ඇත. ඒ පාසල් ළමුන් ප්‍රවාහනය සඳහා ගනු ලබන අබලන් තත්ත්වයේ බස් සහ වෑන් රථ සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගනීමට කටයුතු යෙදීමයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු රථ වාහන කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල මහතා ,

“අපි සමීක්ෂණයක් වශයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරු සමඟ සොයා බලද්දී මෙතුමාලත් එකක් අපි වාහන පරීක්ෂා කළා. අපි බැලුවොත් එහෙම මගී ප්‍රවාහන බස් රථයක්, මගී ප්‍රවාහනයෙන් ඉවත් කරාට පස්සේ ගන්නවා ඒක පාසල් සේවය කියලා. වෑන් රථයක් ගත්තත් එච්චරයි. බොහෝම දුර්වල නඩත්තුවක් තියෙන්නේ, එක සම්බන්ධයෙනුත් දැඩි පියවර ගන්න ඕනේ. අපි මෝටර්රථ පරීක්ෂකතුමන්ලත් එක්ක තිබ්බා සමීක්ෂණයක්. ඒ තියලා අපි ඒ සම්බන්ධව තහනම් නියෝග කොටසකට ලබා දුන්නා. මේ සම්බන්ධයෙන් ලොකුම දෙයක් තමයි මේ කරන්නේ. මොකද හේතුව මේ වටිනා ජීවිත තමයි නැතිවෙන්නේ. එක්කෝ ආබාධිත තත්ත්වයට පත් වෙන්නේ.”

ඊයේ (25) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රථ වාහන කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල මහතා මේ බව කියා සිටියේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දේශිය බඳු ගෙවන්නන්ට බරක් නොදී කරන්න හදන LA28

නිශ්මං රණසිංහ දෙසැම්බර් 08, කොළඹ LNW: වෙළඳ නාමකරණය, සුවිශේෂී අලෙවිකරණ...

ආපදාවත් සමඟ කූඨ වෙළඳුන් වැඩි වෙලා – හසුවූ අයට මිලියනයක් දඩ.

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08, කොළඹ LNW : සිදු වූ ආපදාවත්...

චීනයේ විදේශ විනිමය සංචිතය ඩොලර් ට්‍රිලියන 3 ඉක්මවයි!

දිනුෂි ධීරසිංහකොළඹ LNW:චීන විදේශ විනිමය පරිපාලනය ඊයේ(07) නිකුත් කළ...