මිල්කෝ සමාගමේ සේවකයින් 13 දෙනා ඇප මත නිදහස්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මිල්කෝ සමාගමේ සිද්ධිය සම්භන්ධයෙන් අත්අඩංගුවට ගත් සේවකයින් 13දෙනා , කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට අද (26) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත මුදා හැර තිබේ.

මිල්කෝ සමාගමේ සභාපති රේණුක පෙරේරා මහතා ඇතුළු එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් බලහත්කාරයෙන් සිරකර තබාගැනීමේ චෝදනාව මත ඔවුන්ව අත්අඩංගුවට ගෙන තිබුණි.

මිල්කෝ සමාගමේ සභාපති රේණුක පෙරේරා මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් කිහිප දෙනෙකු කාර්යාලයෙන් පිටවීම වැළැක්වීමට එහි සේවකයින් පිරිසක් කටයුතු කර තිබුණේ ඊයේ (25) පස්වරුවේය. ඒ සේවක දීමනා ගැටලුවක් සම්බන්ධයෙන් ගැණුනු තීන්දුවක් මුල් කරගනිමිනි.


රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනෝතප්ත විලේ මඩකරි ඇල්ලීම !

උපාලි කොළඹගේ කොළඹ LNW: සියල්ල සිදුවී හමාරය. දැන් කළ යුත්තේ...

ආපදාවෙන් විනාශ වූ රථ වාහන සම්බන්ධව තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 09, කොළඹ LNW : ආපදාවෙන් විනාශ වූ...

ආපදාවට ලක්වූ රූපලාවන්‍යාගාර යළි යථා තත්වයට පත්කරගැනීමට Dreamron වෙතින් අත්වැලක් !

පසුගිය දිනවල දිවයින පුරා පැවති ආපදා තත්වය හේතුවෙන් හානියට...

ආපදාවෙන් පූර්ණ හානි වූ නිවාස 5000 ඉක්මවයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නිවාස...