*
Saturday, May 18, 2024
spot_img

Latest Posts

ශ්‍රී ලංකාව සිය වෙළෙඳ ගණුදෙනු ශක්තිමත් කර ගැනීමට පියවර!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ශ්‍රී ලංකාව සිය වෙළෙඳ ගණුදෙනු පුළුල් කර ගැනීම සඳහා දකුණු ආසියාව, අග්නිදිග ආසියාව සහ නැගෙනහිර ආසියාව සමග මේ වනවිට කටයුතු කරමින් සිටින අතර , ආර්ථික ප්‍රකෘතියේ දී සහ දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමේ දී සැපයුම් ධාරිතාව වර්ධනය කිරීම සහ වෙළඳපල ප්‍රවේශය පුළුල් කර ගැනීමට ශ්‍රී ලංකාව ප්‍රමුඛතාව ලබා දී තිබෙන බවද සඳහන් වේ.

ඒ අනුව ශ්‍රී ලංකාවේ විශාලතම සම්ප්‍රදායික අපනයන ගමනාන්ත වන එක්සත් ජනපදය, යුරෝපා සංගමය සහ එක්සත් රාජධානිය සමග සබඳතා ශක්තිමත් කර ගන්නා අතරම, දකුණු ආසියාව, අග්නිදිග ආසියාව සහ නැගෙනහිර ආසියාව සමග පවතින ඒකාබද්ධ වැඩසටහන් පුළුල් කර ගැනීමට කටයුතු කරමින් සිටින අතර , ශ්‍රි ලංකාව භාණ්ඩ වෙළෙඳාම කෙරෙහි අවධානය යොමු කරමින් ඉන්දියා ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම (ISLFTA) සහ පාකිස්ථාන ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම (PSFTA) ඇති කර ගැනීමට ද කටයුතු කරනු ඇත.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් තැබීමට යෝජිත ආර්ථික හා තාක්ෂණ සහයෝගිතා ගිවිසුම (ETCA) පිළිබඳ දොළොස් වන (12) සාකච්ඡා වටය මේ මස අගදී පැවැත්වීමට නියමිතය. වර්තමාන ඉන්දියා ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුමට (ISLFTA) වඩා පුළුල් විෂය පථයක් මෙමගින් ආවරණය කෙරේ.
නිදහස් වෙළෙඳ ගිවිසුම් මගින් ශ්‍රී ලංකාව ආසියාන් (ASEAN) රටවල් සමඟ සම්බන්ධවීම ක්‍රමයෙන් ඉහළ යමින් පවතී. ශ්‍රී ලංකාව 2018 ජනවාරි මාසයේදී සිංගප්පූරුව සමඟ විස්තීර්ණ නිදහස් වෙළෙඳ ගිවිසුමකට (Sri Lanka Singapore Free Trade Agreement-SLSFTA) එළැඹි අතර එය 2018 මැයි මාසයේදී බලාත්මක කෙරිණි.

එසේම ශ්‍රි ලංකාව මේ වන විට තායිලන්තය සහ ඉන්දුනීසියාව ඇතුළු ආසියාන් (ASEAN) රටවල් කිහිපයක් සමඟ වෙළෙඳ ගිවිසුම් ඇති කරගැනීම පිළිබඳව සාකච්ඡා කරමින් සිටී.

තායිලන්තය සමඟ තුන්වැනි වටයේ සාකච්ඡා මේ වසරේ ජනවාරි මාසයේදී යළි ආරම්භ වූ අතර එහි 7වැනි සාකච්ඡා වටය පසුගිය සතියේ කොළඹදී පැවැත්විණි. මෙම නිදහස් වෙළෙඳ ගිවිසුම, භාණ්ඩ, මූලාරම්භයේ රීති, සනීපාරක්ෂක සහ ශාක සනීපාරක්ෂක පියවර (SPS), වෙළඳාමට ඇති තාක්ෂණික බාධක (TBT), වෙළෙඳ පිළියම්, සේවා, ආයෝජන, ආරවුල් විසඳීම, බුද්ධිමය දේපල අයිතිවාසිකම්, රේගු ක්‍රියා පටිපාටි සහ වෙළෙඳ පහසුකම් සහ ආර්ථික සහ තාක්ෂණික සහයෝගිතාව යන ක්ෂේත්‍ර ආවරණය කෙරේ.

තායිලන්තය සමඟ යෝජිත නිදහස් වෙළෙඳ ගිවිසුම හරහා දේශීය අපනයන ඉලක්ක කරගත් කර්මාන්ත සඳහා ඍජු විදේශ ආයෝජන වැඩි වශයෙන් ආකර්ෂණය කර ගැනීමට මෙන්ම ප්‍රමුඛතා අංශවල ආර්ථික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරයි.

මේ පිළිබඳව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan