*
Saturday, May 18, 2024
spot_img

Latest Posts

කොළඹ නව නිවාස ව්‍යාපෘති පහේ වියදම ඩොලර් මිලියන 350 ක් – අරුන්දික ප්‍රනාන්දු

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): සුළු හා මධ්‍ය ආදායම් ලබන ජනතාව වෙනුවෙන් කොළඹ නිවාස ව්‍යාපෘති පහක් ආරම්භ කිරීමට නියමිත බවත්, ඒ සඳහා ඩොලර් මිලියන 350ක් වැය වන බවත් නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පැවසීය.

එම මුදල ප්‍රධානයක් ලෙස ලබාදීමට චීන රජය විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එකඟතාව පළකර ඇති බවත්, එයින් ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක් මේ වන විට ලැබී ඇති බවද, මෙය නිවාස 2500ක විශාල ව්‍යාපෘතියක් බවද , අරුන්දික ප්‍රනාන්දු මහතා කියා සිටියේය .

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා ,

අපේ රට සියලුම භූ විෂමතාවලින් සමන්විත, දේශගුණික කලාපවලින්, ස්වභාවික සම්පත්වලින් බහුල සුන්දර දිවයිනක්. වටිනා ඛනිජ සම්පත්, ලෝකයේ ස්වභාවික අනතුරු අවම යහපත් ගුණාංග රැසක් රට තුළ තිබෙනවා.

අපේ රටේ වටිනාම සම්පතක් ලෙස ඉඩම් හැදින්විය හැකියි. ජනගහනය වැඩි වන විට එම වටිනාකම දිනෙන් දින වැඩි වෙනවා. නගරාසන්න ප්‍රදේශ දෙස බැලීමේදීත් ඉඩම් වල වටිනාකම දිනෙන් දින වැඩි වෙනවා. ඒ වගේම නාගරික සංවර්ධන අධිකාරිය සතුව විශාල භූමි ප්‍රමාණයක් තිබෙනවා. ඇතැම් ඉඩම් සමබන්ධ තොරතුරු ප්‍රමාණවත් තරම් නැහැ. මේ නිසා එම තොරතුරු ලබා ගැනීමටත් අමාත්‍යංශය ලෙස කටයුතු කරමින් පවතිනවා.

නාගරික සංවර්ධන අධිකාරිය පවරා ගත් ඉඩම් ද තිබෙනවා. එහි ඇතැම් ව්‍යාපෘති රජය විසින් සිදුකර තිබෙනවා. නගර නිර්මාණ සැළසුම්කරණය සහ නගර පුළුල් කිරීම වැනි කටයුතු සිදු කර තිබෙනවා. ඒ වගේම දෙස් විදෙස් ආයෝජන සඳහා අවශ්‍ය ඉඩම් අප සතුව තිබෙනවා. ඕනෑම අයෙකුට රජය සතු ඉඩම් භාවිත කරමින් ආයෝජන අවස්ථා ලබාගත හැකියි. නාගරික සංවර්ධන අධිකාරිය ඩිජිටල්කරණය කිරීමෙන් පසු ඕනෑම අයෙකුට නාගරික සංවර්ධන අධිකාරිය හරහා එම ආයතනය සතු ඉඩම් මොනවාදැයි දැනගත හැකියි.

මෙහිදී අපි විශේෂ අවධානයක් යොමුකර තිබෙන්නේ අප සතු ඉඩම් මුදල් ඉපැයීම සඳහා යොදා ගැනීම සම්බන්ධවයි. උදාහරණයක් ලෙස මැකලම් පාරේ වටිනා ඉඩම පෙන්වා දෙන්න පුළුවන්.

තවද මහනුවර නගරය, බෝගම්බර සිරගෙදර, නුවරඑළිය ඇතුළු සෑම නගරවලම නාගරික සංවර්ධන අධිකාරිය සතු ඉඩම් තිබෙනවා. බෝගම්බර සිරගෙදර පිහිටි ඉඩම කේන්ද්‍ර කරගනිමින් නව ආයෝජන අවස්ථා විවෘත කිරීමට ද සැලසුමක් තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිසි මූල්‍ය කළමනාකරණය නිසා නිවාස සංවර්ධන අධිකාරිය විසින් ආරම්භ කර මේ වනවිට නවත්වා තිබෙන ව්‍යාපෘති යළි ඇරඹීමට හැකි තත්ත්වයක් පෙන්නුම් කරනවා. එම කටයුතු 2024 වසර සඳහා වන නව අයවැය සමඟ ආරම්භ කිරීමට අප බලාපොරොත්තු වනවා. ඒ වගේම ඇතැම් ව්‍යාපෘතිවල වංචා දූෂණ සිදුව තිබෙනවා. එම වැරදි නිවැරදි කිරීම සඳහා අමාත්‍යාංශය ලෙස අවශ්‍ය පියවර ගනිමින් තිබෙනවා.

ඒ වගේම සුළු හා මධ්‍ය ආදායම් ලබන ජනතාව වෙනුවෙන් කොළඹ නිවාස ව්‍යාපෘති පහක් ආරම්භ කිරීමට නියමිතයි. ඩොලර් මිලියන 350ක් වැය වන අතර එය ප්‍රධානයක් ලෙස ලබාදීමට චීන රජය විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එකඟතාව පළකර තිබෙනවා. එයින් ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක් මේ වන විට ලැබී තිබෙනවා. මෙය නිවාස 2500ක විශාල ව්‍යාපෘතියක් බව පැවසිය යුතුයි.

ඒ සමග කොළඹ ගංවතුර පාලනයට පහත් බිම් සංවර්ධන අධිකාරිය විශාල වැඩකොටසක් කරනවා. කඩොලාන, වගුරු බිම් ආරක්ෂා කිරීමටත් කටයුතු කරනවා.

ගංවතුර පාලනය වෙනුවෙන් ජනතාවගෙන් ලබාගත් ඇතැම් ඉඩම් විනාශ කර තිබෙනවා. ඇතැමුන්ට ඉඩම් පවරා ගැනීමේ දී ලබාදිය යුතු වන්දි පවා නිසි ලෙස ලබා දී නැහැ. අප එම තත්ත්වය වෙනස් කර කොළඹ නගරයේ ප්‍රධාන ඉඩම් ලබා ගන්නා විට විද්‍යාත්මක ක්‍රමයකට එම ඉඩම් අත්පත් කර ගැනීමට බලාපොරොත්තු වෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට සංවර්ධනය කරා ගෙන යන ගමනේදී අමාත්‍යාංශයක් ලෙස ඒ වෙනුවෙන් උපරිම දායකත්වය ලබා දීමට අප සූදානම්”

නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (26) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan