*
Thursday, May 2, 2024
spot_img

Latest Posts

අනුරට රට ගියොත් ආයෙ ගන්න වෙන්නෙ නෑ, රට කියුබාවක් වේවි ! – ආශු මාරසිංහ කියයි!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඉදිරියේ දී ජනාධිපතිවරණය, මහ මැතිවරණය, පළාත් සභා මැතිවරණය සහ අනිකුත් මැතිවරණ පැවැත්වීමට නියමිත බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බවඑක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා පවසයි.

ශ්‍රී ලංකාව ගොඩනැගිය හැකි එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතා බව ලෝකයට පෙන්වා දී ඇති බවද ඔහු පවසයි.

වසර 75ක් පුරාවට මේ රට විනාශ වී ඇති බැවින් ඉදිරි වසර 05ක කාලය තම පක්ෂයට ලබා දෙන ලෙසටත් යම් හෙයකින් එය වැරදී ගියහොත් එය වසර 05ක් පමණක් බවත් අනුර කුමාර දිසානායක මහතා පසුගියදා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ද ඔහු එහිදී අදහස් දක්වා ඇත.

ඒ අනුව ඔහු සඳහන් කළේ, අදාළ ප්‍රකාශයෙන් ගම්‍ය වන්නේ අනුර කුමාර මහතාට රට පාලනය කිරීමට විශ්වාසයක් නොමැති වීම බවයි.

එවැනි ආකාරයට අත්හදා බැලීම් සිදු කිරීමේ අරමුණෙන්, ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට ගෙනවිත් සිදු වූ තත්ත්වය සම්බන්ධයෙන් ද ආශු මාරසිංහ මහතා අදහස් දැක්වූ අතර, ඔහු ප්‍රකාශ කළේ අනුර කුමාර දිසානායක මහතා මේ වනවිට බලය ඉල්ලා ආයාචනා සිදු කරන මට්ටමකට පැමිණ ඇති බවයි.

මේ රටට පරිණත නොවන දේශපාලන නායකත්වයක් අවශ්‍ය නොවන බවත්, ජනතා විමුක්ති පෙරමුණ බලය ලබා ගතහොත් කාම්බෝජියාව, උතුරු කොරියාව හෝ කියුබාව මට්ටමට රට පත්වීමට ඉඩ ඇති බවත්, ඔවුන් බලය බලහත්කාරයෙන් තබා ගන්නවා මිස යළි ලබා දීමක් ද සිදු නොකරන බව ඒ මහතා වැඩි දුරටත් කියා සිටියේය .

ඔහු මේ බව කියා සිටියේ කොළඹ පක්ෂ මූලස්ථානයේ අද(26) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක් වෙමිණි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan