පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්ගේ අලුත් වැඩක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ (LNW):

අද (27) දින පොළොන්නරුව ප්‍රදේශයේ ප්‍රධාන සහල් මෝල් සහ අනෙකුත් සහල් මෝල්වල පවතින තොග සංචිත පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් පරික්ෂාවට ලක්කළ බව සඳහන් වේ.

එහිදී, සහල් නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳව ඔවුන් සොයා බැලූ බව වාර්තා වේ. වී ගබඩාවල ඇති තොග ප්‍රමාණයන් පිළිබඳ දත්ත ලබාගන්නා ලෙස ජනාධිපතිවරයා පසුගියදා නිලධාරීන්ට උපදෙස් ලබාදුන් බව සඳහන් වේ. පාරිභෝගික සේවා අධිකාරයේ නිලධාරීන් එම කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙන අතර, පොළොන්නරුව,  මින්නේරිය,  ඇතුමල්පිටිය සහ වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ පිහිටි වී ගබඩාවල තොග මෙන්ම සහල් තොග පිළිබදව දත්ත ලබා ගැනීමට ඔවුන් පියවර ගත් බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මෙගාවොට් 1,513ක සූර්ය බලශක්ති ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරේ.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : පසුගිය වසරේ සිට...

නල්ලූර් හි තිලීපන් ප්‍රතිමාව පොලීසිය ගලවාගෙන යයි

යාපනය, නල්ලූර් හි පිහිටි තිලීපන් ප්‍රතිමාව අද (27) අලුයම...

රුසියානු හා ජර්මානු විදේශ ඇමතිවරු වසර හතරකට පසු මුල් වරට හමුවේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: රුසියානු විදේශ අමාත්‍ය...