පොලිස් අණ නොතකා ධාවනය කළ ලොරි රථයකට වෙඩි!

0
267

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ (LNW):

ලුණුගම්වෙහෙර සිට මත්තල හරහා සූරියවැව දෙසට පැමිණි ලොරි රථයක් පරීක්ෂා කිරීම සඳහා පොලිසිය අණ කර ඇති නමුත් එහිදී එම පොලිස් අණ නොතකා ලොරි රථය ධාවනය කර ඇත. එහිදී පොලිස් නිලධාරීන් එයට වෙඩි තබා ඇත.

අණ නොතකා ධාවනය කිරීම හේතුවෙන් අදාළ ලොරි රථයේ ඉදිරිපස රෝදයට වෙඩි තැබීමට පොලිසිය කටයුතු කර ඇති අතර, ලොරි රථය පරීක්ෂා කිරීමේදී එළගවයින් 18 දෙනෙකු සොයා ගැනුණු බව පැවසේ. පොලිසිය පවසන්නේ, ඉන් දෙදෙනෙකු මියගොස් තිබූ බවයි.