ට්විටර් සහ මස්ක් පළහිලව්ව: ගිවිසුම අවසන් කිරීමට සමාගම තීරණය කරයි!

Date:

සමාජ මාධ්‍ය උණුසුම් කළ ට්විටර් සහ ඊලෝන් මස්ක් පළහිලව්ව අවසන් වන ලකුණු…

ට්විටර් සමාගම සහ බිලියනපති ඊලෝන් මස්ක් අතර පැවති මතභේදාත්මක තත්ත්වය පිළිබඳව ඉකුත් කාලසීමාව තුළ බොහෝ පුවත් සමාජ මාධ්‍ය උණුසුම් කිරීමට සමත් වූ අතර, ට්විටර් සමාගම මිලදී ගැනීමට මස්ක් දැක්වූ උනන්දුව සහ ඉන් අනතුරුව මස්ක් එකී ගිවිසුමට පිටින් කටයුතු කිරීම හමුවේ ට්විටර් සමාගම ඔහුට විරුද්ධව නඩු පැවරීමට කටයුතු කළ අන්දම ද වාර්තා වී තිබිණි.

එකී නඩු පැවරීම හමුවේ මස්ක් ප්‍රතිචාර දක්වමින් පවසා සිටියේ පෙර එකඟ වූ පරිදි ම ඇ.ඩො. බිලියන 44 කට ට්විටර් සමාගම මිලදී ගැනීමට තමා යළි උනන්දු බවත්, ඒ අනුව මෙම නඩුව ඉල්ලා අස්කර ගන්නා ලෙසත් ය.

කෙසේවෙතත්, මේ වන විට ට්විටර් සමාගම ඊලෝන් මස්ක් සමඟ මුලදී ඇතිකර ගත් ගිවිසුම ප්‍රකාරව අදාළ ගනුදෙනුව අවසන් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව, JP Morgan Chase සහ සමාගමේ ඒකාබද්ධ කිරීම් සහ අත්පත්කර ගැනීම් පිළිබඳ ගෝලීය සම-ප්‍රධානී අනූ අයියෙන්ගර් නිව් යෝර්ක් හි පැවති සමුළුවක් අමතමින් ප්‍රකාශ කර සිටියේ, ට්විටර් සමාගම මස්ක් සමඟ මූලික අදියරවලිදී පැමිණි එකඟතා සහ කොන්දේසිවලට ප්‍රකාරව අදාළ ගිවිසුම අවසන් කර දැමීමට සැලසුම් කරමින් සිටින බවයි.

ඡායාරූප: REUTERS/Dado Ruvic/Illustration

අවුට්බවුන්ඩ් ටුඩේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...