අලුත් තරුෂි කෙනෙක්

Date:

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ ( LNW ): සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා උළෙලේ සිව්වන දිනය නිමා වන විට නව වාරතා ප්‍රමාණය 19 දක්වා ඉහළ ගොස් තිබෙනවා.ඒ අතරට සිව්වන දිනයේදී එකතු වූ නව වාර්තා ප්‍රමාණය 5 ක් වෙනවා.

එහිදී අද රටම කතා බහට ලක්වන ආසියානු සූරී කරුණාරත්න අවුරුදු 16 න් පහළ ක්‍රීඩිකාවක ලෙස සමස්ත ලංකා පාසල් කෙළි බිමට පා තබන මොහොතේ ඇය නමින් සටහන් කළ මීටර් 800 වාර්තාව වෙනත් තරු එළියක අණසකට යටත් වීම කැපී පෙණුනා.ඇය ද නමින් තරුෂි අභිෂේකා වූ අතර තරුෂි කරුණාරත්න පිහිටුවා තිබූ විනාඩි 2:14.27 ක් වූ වාර්තාව ඇය අතින් බිද වැටුණේ විනාඩි 2:12.14 ක කාලයකින් වීම අවධානයට ලක් විය යුතුයි.

සිව්වන දිනයේදී වාර්තා වූ නව වාර්තා අතර මේ මොහොත වන විටත් ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩාවේ අනාගත ජයග්‍රහණ අපේක්ෂා කරන ප්‍රමුඛයන් ලෙස හදුනාගත් දෙදෙනෙක් සිටිනවා.ඒ අයෝමාල් අකලංක සහ මලිත් යසිරු යි.දෙදෙනාම සිය ඉසව්වල නව ක්‍රීඩා උළෙල වාර්තා පිහිටුවන්නට සමත් වුණා.

අඹගමුව විද්‍යාලයේ අයෝමාල් අකලංක යොවුන් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මීටර් 400 කඩුලු ඉසව්වේ රිදී පදක්කම්ලාභියා වන අතර ඔහු ඊයේදී සමස්ත ලංකා මලල ක්‍රීඩා උළෙලට එකතු කරන ලද නව වාර්තාව වූයේ තත්පර 52.22 ක්.මලිත් යසිරු ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ ලෝකඩ පදක්කම්ලාභියා වන අතර ඔහු නව වාර්තාව සඳහා පැන්න පිම්මේ දුර සඳහන් වූයේ මීටර් 15.93 ක් ලෙසයි.

එසේම ඉහළ පිමි සමඟ නිතර වාර්තාගත වන වත්තල ලයිසියම් විද්‍යාලයේ උස පැනීමේ ක්‍රීඩක තරූෂ මෙණ්ඩිස් අවුරුදු 16 න් පහළ උස පැනීමේ ඉසව්වේදී මීටර් 1.95 ක දක්ෂතාවයක් දක්වමින් වාර්තා පොතට සිය නම ඇතුළත් කර ගන්නට සමත් වුණා.


අද රටම කතා බහට ලක්වන සුපිරි තරුෂි කරුණාරත්න අවුරුදු 16 න් පහළ ක්‍රීඩිකාවක ලෙස සමස්ත ලංකා පාසල් කෙළි බිමට පා තබන මොහොතේ ඇය නමින් සටහන් කළ මීටර් 800 වාර්තාව වෙනත් තරු එළියක අණසකට යටත් වීම කැපී පෙණුනා.ඇය ද නමින් තරුෂි අභිෂේකා වූ අතර තරුෂි කරුණාරත්න පිහිටුවා තිබූ විනාඩි 2:14.27 ක් වූ වාර්තාව ඇය අතින් බිද වැටුණේ විනාඩි 2:12.14 ක කාලයකින් වීම අවධානයට ලක් විය යුතුයි.

එසේම මීටර් 800 බාලක අවුරුදු 16 න් පහළ වාර්තාවද අලුතින් ලියවුණා.ඒ නාත්තණ්ඩිය ධම්මිස්සරයේ සවිඳු අවිශ්ක අතින්.සවිඳු වාර්තා කළ කාලය ලෙස සටහන් වුණේ විනාඩි 1:59.19 ක්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපි ඇවිල්ලා බංකොලොත්භාවයෙන් මේක මුදාගත්තා. ණය ප්‍රතිව්‍යුහගත කළා. ආර්ථිකය ස්ථාවර කළා – ඇමති සුසිල්

සටහන - රුවන් නෙළුගොල්ල මෙවර අයවැයෙන් වෙන්කර ඇති රුපියල් බිලියන...

HNB ඇෂුවරන්ස් අභියෝගයකින් තොරව වෙළද සේවා ක්‍රිකට් සූරතාවය දිනයි

නිශ්මං රණසිංහ ජුනි 30, කොළඹ LNW: ස්ටැෆර්ඩ් මෝටර් සමාගමේ අනුග්‍රහයෙන්...

මෙක්සිකෝවේ ගොවිපලකින් රහසිගතව පුළුස්සන ලද මෘත ශරීර රැසක් සොයා ගැනේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): මෙක්සිකානු ප්‍රාන්තයේ ජාලිස්කෝ...

තණ්හාය ජායතී සෝකෝ තණ්හාය ජායතී භයං ….

මගේ ජීවිතේ තරුණ කාලේ ජ.වි.පෙ. න් ලැබුන රළු භෞතිකවාදී...