*
Tuesday, May 7, 2024
spot_img

Latest Posts

පාඅර්ලිමේන්තුවේ කණ්ඩායමක් අමෙරිකාවට !

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පාර්ලිමේන්තුවේ සියලු ආංශික අධීක්ෂණ කාරක සභා නියෝජනය කරමින් අදාළ සභාපතිවරුන් සහ සාමාජික නියෝජිතයන් ඇතුළු කණ්ඩායමක් එක්සත් ජනපද කොංග්‍රස් මණ්ඩලයේ කාරක සභා ක්‍රියාවලිය අධ්‍යයනය කිරීම සඳහා අමෙරිකාව බලා පිටත්ව ගොස් ඇත.

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) පූර්ණ මූල්‍ය අනුග්‍රාහකත්වයෙන් සහ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී-ශ්‍රී ලංකා ආයතනයේ (NDI) තාක්ෂණික හා සම්බන්ධීකරණ සහයෙන් ඔවුන් අමෙරිකාව බලා පිටත්ව ගොස් ඇති බවයි.

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එක්සත් ජනපද කොංග්‍රස් මණ්ඩලයේ දීර්ඝ කලක් ස්ථාවරව ක්‍රියාකාරීව පවතින කාරක සභාවල ක්‍රියාකාරීත්වය පිළිබඳ දැනුම හා අදහස් හුවමාරු කරගැනීමටත්, එම කාරක සභාවන්හි සාමාජිකයන් සමඟ සාකච්ඡා පැවැත්වීමටත් මෙම අධ්‍යයන වැඩසටහන මගින් අපේක්ෂා කර ඇති බවයි.

එමෙන්ම ඒවායේ තාක්ෂණික එළැඹුම් හඳුනාගැනීමට මෙන්ම එහි නව්‍ය ප්‍රවණතා නිරීක්ෂණයට සහ අදාළ කාරක සභාවල මහජන සහභාගීත්වය සිදුවන ආකාරය අධ්‍යයනය කිරීමටද අදාළ වැඩසටහනෙන් අපේක්ෂා කෙරෙන බව සඳහන් වේ.

කමිටුවල කාර්යයන් සඳහා වඩාත් ප්‍රජාතන්ත්‍රවාදි ප්‍රවේශයක් සහිත දැක්මක් වර්ධනය කිරීමට මෙන්ම ඒ සඳහා පසුපෙළ මන්ත්‍රීවරයන්ගේ සක්‍රීය දායකත්වය ලබා ගැනීමටද ඒ හරහා හැකියාව ලැබී තිබෙන බවද වාර්තා වේ.

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ , අදාළ අධ්‍යයන චාරිකාව සඳහා මහ‍ලේකම් කාර්යාලයේ නිලධාරීන් පිරිසක්ද සභභාගී වූ බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan