සොරකම් කිරීමේ සිද්ධියකට සාත්තු සේවිකාවක අත්අඩංගුවට

Date:

සටහන – නදීක දයා බණ්ඩාර

මහනුවර ( LNW ): හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් කටුගස්තොට මූලික රෝහල ට ඇතුළත් කළ කාන්තාවක ගේ රන් මුදු හතරක් සොරකම් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් රෝහලේ සාත්තු සේවිකාවක් සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
මාතලේ මැටිහක්ක රන්මුතුගම ප්‍රදේශයේ පදිංචි කාන්තාව ඇගේ නිවසේ මෙහෙකාරිය සමඟ කොණ්ඩදෙණිය ප්‍රදේශයට යමින් සිටිය දී හදිසියේ ඇති වූ හෘද රෝගයක් නිසා ප්‍රතිකාර සඳහා (25) පස්වරු 6.30 ට පමණ කටුගස්තොට රෝහලට රැගෙන ගොස් ඇත.


කටුගස්තොට මූලික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ දී වෛද්‍යවරයෙකු ඇය පරීක්ෂා කර බලා මහනුවර ජාතික රෝහලට මාරු කිරීමට තීරණය කර තිබේ. එම අවස්ථාවේ වෛද්‍යවරයා ගේ සහයට හෙද නිලධාරිනියක හා සාත්තු සේවිකාවක් සිට ඇත.
රෝහල ට ඇතුළත් කරන අවස්ථාවේ ඇය මුදු කිහිපයක් පැළඳ සිටි බව රෝහල් කාර්ය මණ්ඩලය ද දැක ඇත. මහනුවර ජාතික රෝහලට මාරු කිරීම සඳහා රෝගියා සූදානම් කරන අවස්ථාවේ ඇගේ රන් අභරණ සොරා ගන්නට ඇතැයි යන සැකය මත කටුගස්තොට පොලීසිය පොලිස් නිල සුනඛයෙකු ද යොදවා විමර්ශන සිදුකර තිබේ.


එම අවස්ථාවේ නිල සුනඛයා සාත්තු සේවිකාව අසළට ගොස් නැවතුණු බව පොලීසිය පවසයි. ඊට අමතරව ලැබුණු තවත් තොරතුරු කිහිපයක් පදනම් කර ගනිමින් ඇය අත්අඩංගුවට ගැනීමට පොලීසිය පියවර ගෙන ඇත. සැකපිට අත්අඩංගුවට ගත් රෝහල් සාත්තු සේවිකාව මහනුවර පූර්ණවත්තේ පදිංචිකාරියකි. සිද්ධිය සම්බන්ධයෙන් කටුගස්තොට පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.ඩී රාජපක්ෂ මහතා ගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්වෙයි.


Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍ය මර්වින් ඇතුළු තිදෙනාට ඇප!

රෂිකා හෙන්නායක ජූනි 03 , කොළඹ LNW : හිටපු...

ඉන්දුනීසියානු බාලි දූපත අසල දී මගී නෞකාවක් ගිලී යයි!

රෂිකා හෙන්නායක ජූලි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පුද්ගලයින් 65...

ජපන් තේ ලෝලීන්ට Ceylon Ice Tea රස හඳුන්වා දෙයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාව සහ ජපානය අතර පවතින අඛණ්ඩ සංස්කෘතික...

මිලියන 202කට අධික කේරළ කංසා තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට!

කොළඹ LNW:රුපියල් මිලියන 202 කට අධික වටිනාකමකින් යුත් කේරළ...