2023 IESL TECHNO ප්‍රදර්ශනය සඳහා SLT-MOBITEL ප්‍රධාන අනුග්‍රාහකභවතා වෙයි!

Date:

සටහන – නිපුනි ලියනගේ

කොළඹ (LNW):
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සපයන්නා වන SLT-MOBITEL, 2023 ඔක්තෝම්බර් 20 සිට 22 දක්වා කොළඹ BMICH හිදී පැවැති IESL Techno Exhibition 2023 සඳහා ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස සම්බන්ධ විය.

ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය (IESL) විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ප්‍රමුඛතම උත්සවය වන මෙම ප්‍රදර්ශනය විවිධ අංශ හරහා රටේ නවතම තාක්ෂණික ජයග්‍රහණ සහ නවෝත්පාදන ඉදිරිපත් කිරීමේ වේදිකාවක් ලෙස ක්‍රියා කරයි.

ප්‍රධාන අනුග්‍රාහකයා වීමෙන්, SLT-MOBITEL ශ්‍රී ලංකාව තුළ තාක්‍ෂණික දියුණුව සහ නවෝත්පාදනයන් කෙරෙහි වන සිය කැපවීම අවධාරණය කරයි.

IESL Techno Exhibition 2023 සමඟ ඇති මෙම සහයෝගීතාවය විදුලි සංදේශ සහ තාක්‍ෂණ අංශවල ප්‍රධාන චරිතයක් ලෙස සමාගමේ කාර්යභාරය තහවුරු කිරීමට සමත් විය.

ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස, SLT-MOBITEL Techno 2023 සහ එහි සහභාගිවන්නන්ට දැනුම හුවමාරු කර ගැනීමට පහසුකම් සලසයි.

මීට අමතරව, සම්පත් සහ ජාලකරණ අවස්ථා ලබා දීමෙන්, SLT-MOBITEL විසින් Techno 2023 සහභාගිවන්නන් අතර නව්‍ය සංකල්ප ප්‍රවර්ධනය කිරීමට ද කටයුතු කරයි.

Techno Sri Lanka 2023 එළිදැක්වීම පසුගියදා සිදු වූ අතර ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී හි ප්‍රධාන විධායක නිලධාරී ජානක අබේසිංහ මහතා සහභාගී වූවන් අමතමින් ජාතියේ අභිවෘද්ධිය සඳහා තාක්ෂණය, නවෝත්පාදන, නව නිපැයුම් සහ ඉංජිනේරු ක්ෂේත්‍රයේ වැදගත්කම අවධාරණය කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපෙන් ඈත් වෙලා ගිය බොහෝ පිරිසක් දැන් අපිට එකතු වෙමින් ඉන්නවා -නාමල්

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : මේ රටේ වෛද්‍යවරුන්ට...

රුසියා හමුදා බුද්ධි අංශ ජෙනරාල්වරයාට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව තිදෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා රුසියාවේ හමුදා...

රුපියල් බිලියනය බැගින් වන්දි ලබාදෙන ලෙස ඉල්ලා ඇමති නලින්දගෙන් විමල්ට එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: රුපියල් බිලියනය බැගින් වන්දි...

විදුලිය ඇනහිටීම්වල සිට ආහාර හිඟය දක්වා: ඇමරිකානු අවහිර කිරීම් කියුබාවේ ජීවිතය අඩපණ කරන ආකාරය

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදය...