වත්තේගම පරණගම මධ්‍යම මහා විද්‍යාලයේ දරු දැරියන්ගේ විද්‍යා ප්‍රදර්ශනය විවෘත වේ.

සටහන -නදීක දයා බණ්ඩාර

මහනුවර(LNW): වත්තේගම අධ්‍යාපන කලාපයේ පරණගම මධ්‍ය මහා විද්‍යාලයේ විද්‍යා අංශය මගින් සංවිධානය කළ “විදු නෙතින් පෙරමඟට” – 2023 විද්‍යා ප්‍රදර්ශනය වත්තේගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තරංගා ගුණරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලයීය පරිශ්‍රයේදී විවෘත කෙරිණි.

දරුවන්ගේ විද්‍යා දැනුම පුළුල් කිරීමේ අරමුණින් සංවිධානය කළ මෙම ප්‍රදර්ශනය සර්ප කුටිය, නව නිපැයුම්,භෞතික විද්‍යා යනාදි අංශයන්ගෙන් සමන්විතය.
නව තාක්ෂණය යොදා ගනිමින් කරන ලද විවිධ නිර්මාණයන්ගෙන් මෙම ප්‍රදර්ශනය යුක්ත වූ අතර දරුවන්ගේ දැනුම හා අත්දැකීම් තව දුරටත් දියුණු කිරීම මෙම ප්‍රදර්ශනයේ එක් අපේක්ෂාවකි.


Drone Arcade ආයතනයේ ඩ්‍රෝණතාක්ෂණය පිළිබඳ කුටියක් ද මෙම ප්‍රදර්ශනයට එක් කර තිබීම විශේෂත්වයක් විය.
මෙම ප්‍රදර්ශනය නැරඹීම සඳහා වත්තේගම අධ්‍යාපන කලාපයේ විදුහල්පතිවරුන් ගුරුභවතුන් හා අවට පාසල්වල දරු දැරියන් ඇතුළු පිරිසක් ද සහභාගි වූහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...