ප්‍රාණ ඇපකරුවන් 50 ක් මියගියේ ඊශ්‍රායල් ප්‍රහාර වලින් – හමාස් සටන්කාමීන් කියයි

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): හමාස් සංවිධානයේ “Al-Qassam” බ්‍රිගේඩය පවසන්නේ, ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් ප්‍රාණ ඇපකරුවන් 50 දෙනෙකු මියගොස් ඇති බවයි. එහෙත් අමරිකානු බලධාරීන් පවසන්නේ අනෙක් පාර්ශ්ව නොමඟ යැවීම සඳහා හමාස සංවිධානය මෙවැනි පුවත් ප්‍රචාරය කරන බවයි.

GAZA CITY, GAZA – DECEMBER 10: The Izz ad-Din al Qassam Brigades, the armed wing of Palestinian group Hamas hold a military parade marking the 35th anniversary of the establishment of Hamas in Gaza City, Gaza on December 10, 2022. (Photo by Mustafa Hassona/Anadolu Agency via Getty Images)

ඊශ්‍රායලයේ සිටි 220කට අධික පිරිසක් පැහැර ගැනීමට හමාස් සටන්කරුවන් කටයුතු කළේ ඔක්තෝබර් 07 වනදා හමාස් සටන්කරුවන් සිදුකළ ආක්‍රමණය අතරතුරදී වන අතර, ඒ අතර දරුවන්, වැඩිහිටියන් සහ තරුණ පුද්ගලයින් වූ අතර එම පිරිස ගාසා තීරයේ ඇති උමං තුළ රඳවා ඇතැයි වාර්තා වේ.

ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවා ගෙන සිටි මවක්, දියණියක් සහ වැඩිහිටි කාන්තාවන් දෙදෙනෙක් නිදහස් කිරීමට හමාස් සංවිධානය පසුගිය දිනවල කටයුතු කළ අතර, හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයට ඔක්තෝම්බර් 7 දින එල්ල කර ප්‍රහාරයෙන් ඊශ්‍රායෙල් වැසියන් හා ලොව රටවල් 30 ජාතිකයින් මරණයට පත් විය. එසේම විශාල පිරිසක් තුවාල ලද අතර හමාස් ත්‍රස්තවාදීන් 200 ආසන්න ඊශ්‍රායෙල් වැසියන් හා විදෙස් ජාතිකයින් ප්‍රාණ ඇපකරුවන් ලෙස ගසා තිරයට රැගෙන ගොස් රදවා ගෙන සිටිති .

ඔක්තෝම්බර් මස රාත්‍රී සිට ඊශ්‍රායලය විසින් නොකඩවා ගුවන් හා කාල තුවක්කු ප්‍රහාර ගොඩබිමේ සිට ගසා තිරයට එල්ල කරන අතර ඊශ්‍රායෙල් ගුවන් හමුදාව ඊයේ දින නිවේදනය කලේ තම ජෙට් යානා විසින් ඊයේ දින හමාස් ඉලක්ක හා භූගත උමං මාර්ග ඉලක්ක කරමින් සාර්ථක ප්‍රහාර 400ක් ඊයේ දින එල්ල කල බවත් ඉන් හමාස් සංවිධානයේ ඉහල පෙලේ නායකයින් කීප දෙනෙකු තවත් සාමජිකයින් හා භූගත උමං මාර්ගද විනශ කිරීමට සමත් වූ බවයි.

එහෙත් පලස්තීන සෞඛ්‍ය අංශ නිවේදනය කලේ ඊයේ දින ඊශ්‍රායෙල් විසින් සිදුකල ප්‍රහාර වලින් කුඩා දරුවන් කාන්තාවන් ඇතුළුව 700 පමණ මරණයට පත් වූ බවයි . එසේම ඊශ්‍රායෙල් ප්‍රහාර හමුවේ මේ වනවිට ගසා තිරයේ වැසියන් 5 791 මරණයට පත්වී ඇති බවත් සඳහන් වේ, ඒ අතර කුඩා දරුවන් හා සාමාජිකයින්ද සිටින බවට ඔවුන් වාර්තා කර ඇත.

ඊශ්‍රායලය ගසා තිරයට සීමිත අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ප්‍රමාණයක් ඇතුළුවීමට ඉඩ ලබා දුන්නත් ඉන්ධන සැපයුම සම්පුර්ණයෙන් අවහිර කර ඇති නිසා සෞඛ්‍ය අංශ පවසන්නේ විදුලිජනක යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමට නොහැකිව රෝහල් 32 කින් දැනට 12 සම්පුර්ණයෙන් වැසි ගොස් ඇති බවයි.

මේ වනවිට පවත්වා ගෙන යන රෝහල් ද අත්‍යවශ්‍ය ශල්‍යකර්ම සදහා පමණක් සීමිත ඉන්ධන ප්‍රමාණයක් භාවිතා කරන බවයි ඔවුන් සඳහන් කරන්නේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අළු කොළ පාට රාත්‍රිය හෙවත් නිශ්ශබ්දතාවේ සමීකරණය

හුදෙකලා තරුවක මුව වසාඅඵ පැහැති වලාකුළු හෙමින් පාවෙයිනිරිත දිග...

ගාසා තීරයේ මන්දපෝෂණයෙන් පෙළෙන ළමුන් 66 දෙනෙකු මිය යයි – UNICEF

සටහන: සශිකලා මධුෂාණිජුනි 29; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල යුද්ධය අතරතුර...

කීරිසම්බා ප්‍රශ්නයක් තියෙනවා – හාල් රටින් ගෙන්නන්නේම නෑ කියපු ඇමති නාමල් දැන් කියන කතාව

සටහන - රුවන් නෙළුගොල්ල කීරිසම්බා සහල් ආනයනය කරන්නේ සංචාරක ක්ෂේත්‍රය...

තවත් ධීවර යාත්‍රාවක් අනතුරක. දෙදෙනෙක් අතුරුදන් !

සටහන - රුවන් නෙළුගොල්ල තංගල්ල පරවිවැල්ල වරායෙන් මුහුදු ගිය බහුදින...