වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු සහ තවත් සිසුන් කීපදෙනෙකු අත්අඩංගුවට !

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): “හොර උපාධි කඩ ගෙන ඒමේ ආණ්ඩුවේ කුමන්ත්‍රණය පරදවමු” යන මැයෙන් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව අද (27) සංවිධාන කළ විරෝධතා පාගමනකට පොලිසිය අවස්ථා දෙකක දී ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ අතර ,එහි දී එම කමිටුවේ කැඳවුම්කරු ඇතුළු සිසුන් කිහිප දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

කොළඹ මහවැලි කෙන්ද්‍රය අසලින් මෙම පාගමන ආරම්භ වූ අතර , එහි සිට විරෝධතාකරුවන් නෙළුම් පොකුණ දෙසට ගමන් ආරම්භ කළ අතර, විරෝධතාකරුවන්ට විසිර යන ලෙසට පොලීසිය නිවේදනය කළ ද එය නොතකා ඔවුන් ඉදිරියට ඇදීමේ දී පොලිසිය ඔවුන්ට ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇත.

එම ප්‍රහාරය හමුවේ විහාර මහාදේවි උද්‍යානය හරහා ප්‍රධාන මාර්ගයට පැමිණි ඔවුන් යළි මහවැලි කේන්ද්‍රය අසලට විත් පාගමන ආරම්භ කිරීමට උත්සාහ කළ අතර, විරෝධතාව අතරතුර දී පොලිසිය, වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු ඇතුළු තවත් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදි. අනතුරුව සහභාගී සියළු විරෝධතාකරුවන් ඉවත්ව ගිය බව වාර්තා වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනයේ Shenzhou-24 අභ්‍යවකාශ මෙහෙයුමේ ගගනගාමීන් නම් කෙරේ

කොළඹ LNW:චීනයේ Shenzhou-24 මිනිසුන් සහිත අභ්‍යවකාශ මෙහෙයුම සඳහා සහභාගී...

ක්‍රීඩකයන් තේරීමේ දී පක්ෂග්‍රාහීත්වයෙන් තොර විනිවිදභාවයක් අවශ්‍යයි – විපක්ෂ නායක

මේ වන විට ජාත්‍යන්තර වශයෙන් එක්තරා වසරක් දක්වා ලංකාවට...

කුණු කඳු දවා විදුලිය නිපදවන හරිත විප්ලවය!

කාබන් විමෝචනයෙන් තොර, ෆොසිල ඉන්ධන භාවිතය අඩු කරගනිමින් 2050...

ප්‍රේක්ෂකාගාරයේ ආදරය : ඉන්දු-පාකිස්ථානු ක්‍රිකට් වෛරයේ පිටුපස ඇති සැබෑ කතාව

රෂිකා හෙන්නායක නොවැම්බර් 24, කොළඹ LNW: ඉන්දියාව සහ පාකිස්ථානය අතර...